ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව
පහත පළ වන්නේ ඉස්ලාමීය අධ්‍යයනය සඳහා වන මධ්‍යස්ථානයේ (Centre for Islamic Studies -CIS) උප සභාපති ආසිෆ් හුසේන් සමග ඉහත විෂය පිළිබඳ The Island පුවත්පත සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි
ප්‍රශ්නය: මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික දායකත්ව ගැන ඔබ පුළුල් ලෙස කථා කර තිබෙනවා. දේශීයව හා ගෝලීය මුස්ලිම්වරුන්ගේ දායකත්වය ගැන විස්තර කළොත්?
පිළිතුර: ඉස්ලාමය ගත් කළ එය ඉතිහාසය පුරා සියලු ම ක්‍ෂේත්‍රවල ප්‍රබල බලවේගයක් ලෙස පැවත තිබෙනවා. අනෙක් සංස්කෘතිවලින් ඉස්ලාමය විවිධ දේවල් ලබා ගෙන ඇත්තා සේ ම විශාල වශයෙන් දායකත්ව ලොවට හා අන් සංස්කෘතිවලට ද ඉස්ලාමය ලබා දී තිබෙනවා. ඉස්ලාමයේ ආරම්භක වර්ෂවලිඅපරදිග රෝමය’ යැයි ද ප්‍රකට බයිසන්තයින් අධිරාජ්‍යයේ බලපෑම ඉතා ප්‍රබලව පවැතියා. මුස්ලිම් පල්ලිවල දැකිය හැකි කොත මෙන් ම අඩ සඳ සමග වන තරුව ආදිය ද බයිසන්තයින් අධිරජා්‍යයේ අගනුවර වු කොන්ස්තනිත්නෝලයෙහි ගොඩනැගිලිවලවල මුල් වශයෙන් දක්නට තිබුනා. 1453 වසරෙහෙි තුර්කියේ ඔටෝමන් අධිරාජයා විසින් බයිසන්තය අත් කර ගැනීමෙන් පසු එම සලකුණු මුස්ලිම්වරුන් අනුකරණය කළා. පසුව මුස්ලිම්වරුන් එය තවත් වැඩි දියුණු කළා. සවුදි අරාබියේ මදීනා නුවර නබිතුමන්ගේ මස්ජිදයේ මෙන් ම තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ නිල් මස්ජිදයේ ද දැකිය හැකි ළුණු හැඩය ඇති කොත් සහිත ගොඩනැගිලි මෙන් ම උල් මුදුන් සහිත කුළුණු ඇති ගොඩනැගිලිවල හැඩය රුසියාවේ ක්‍රෙම්ලිනයේ මෙසන් ම බවේරියිවේ නුස්වැන්ස්ටයින් මන්දිරයේ ද දක්නට ලැබෙන්නේ මේ නිසා ය.
වෛද්‍ය විද්‍යාව සහ fඔෂධවේදය ගත් කල ග්‍රීසියෙන් එම දැනුම මුස්ලිම්වරුන් ලබා ගත් අතර යුනානි වෛද්‍ය ක්‍රමය බිහිවුයේ මෙලෙසිනි. යුනානි යනු ග්‍රීකය යන වචනයේ අරාබි යෙදුමයි. පසුව එම විද්‍යාව මුස්ලිම්වරුන් තවත් වැඩිදියුණු කර නැවතත් යුරෝපයට යැවුහ. පසුව මුස්ලිම් විද්‍යාඥයෙකු වු ඉබ්නු සීනා හෙවත් ආවිසින්නා විසින් සම්පාදනය කරන ලද කානුන් ෆිත් තිබ් යන වෛද්‍ය විද්‍යාවේ මුලික ග්‍රන්ථය බටහිර හා යුරෝපයේ වෛද්‍ය විද්‍යා ලොවෙහි කැනන් ඔෆ් මෙඩිසින් (වෛද්‍ය විද්‍යා සිද්ධාන්ත මාලාව) නමින් ගෞරවයට පාත්‍ර විය.
ශ්‍රී ලංකාව ගත් කල ද ආහාර පාන ඇඳුම් විනෝදාංශ ආදි ඉසව්වලින් මුස්ලිම්වරුන් විවිධ දායකත්ව ලබා දී ඇති බව දැකිය හැකි ය. වර්තමානයේ සිංහල සංස්කෘතිය හා මුසුව ඇති අලුවා, දොදොල්, බිබික්කන්, අච්චාරු, සම්බෝල වැනි ආහාර වර්ග ද සරොම් වැනි වස්ත්‍ර මෙන් ම ගැහැණුන් කණට පළඳින කරාබු වැනි ආභරණ රබන් ගැසීම, සරුංගල් යැවීම වැනි සිරිත් ආදිය ද යෝනක සහ මැලේ මුස්ලිම්වරුන්ගෙන් ආදේශ කර ගත් දේ වනවා. දැනට වැඩියෙන් දමිළ කන්තාවන් නහයේ පළඳින කරාබුව ද පළමුවෙන් හඳුන්වා දෙන ලද්දේ අරාබි සහ මුස්ලිම්වරුන් විසින් ය.
ප්‍රශ්නය: ඉස්ලාමීය මුලධර්මවාදය ලාංකික මුස්ලිම්වරුන්වත් ග්‍රහණය කර තිබෙනවා ද? එසේ නම් එයට කළ යුත්තේ කුමක් ද?
පිළිතුර: මුලධර්මවාදය යන යෙදුම බොහෝ විට භාවිත කරනු ලන්නේ වැරදි සහගත රටාවකින් ය. යම් දැනුමක, කරුණක හෝ ඇදහීමක මුලධර්මවලට එල්බ සිටීමෙහි කිසි වරදක් නැත. ඇතැම් විට මෙයින් අදහස් කරන්නේ අන්තවාදය විය හැකියි. එය සවුදි අරාබිය හා සබඳතා පවත්වන සලෆි වියතුන්ගේ මත වාදය වන අතර ඔවුන් එය අප රටේ ද ප්‍රචලිත කරන්නට වෑයම් කරනු දැකිය හැකි ය. නිකාබ් යන කාන්තාවන්ගේ මුහුණු ආවරණය මේ සඳහා වන උදාහරණයකි. කෙසේ වෙතත් නිකාබය පිළිබඳ ආකල්පය සවුදි අරාබියේ පවා දැන් වෙනස් වෙමින් පවතිනවා. මුහුණ ආවරණය කිරීම සම්බන්ධ ස්ථාවර විවිධයි. මගේ මතයට අනුව මුස්ලිම් ස්ත්‍රීන් නිවසින් පිට වන විට හෝ අන්‍ය පුරුෂයන් සිටින තැන ඔවුන්ගේ මුහුණ හා අත් හැර සිරුර මුළුමනින් වසා ගත යුතුයි. මුහුණ ද ආවරණය කළ යුතු ය යනු මගේ මතය අනුව අන්තයකට යාමකි. ලාංකික මුස්ලිම් සමාජය ඇතුළත වුව ද මෙය බහුලව අනුගමනය කරන සිරිතක් නැත. එනමුත් ස්ත්‍රියක් ඇඳුම් අදින ආකාරය වැනි අන් අයට හිරිහැරයක් නොවන ක්‍රියාවක් අන්තවාදී ක්‍රියාවක් යැයි හංවඩු ගැසීම ද අවශ්‍ය නැත. මා නම් විශ්වාස කරන්නේ මුහුණ වැසීම හෝ එසේ නොකිරීම අදාල කාන්තාවන් සතු තීරණයකි. කාන්තාවක් මුහුණු වැසීම නිසා අන් අයට කිසිදු කරදරයක් ඇති නොවන තත්වයක මෙය ගැන කිසිවෙකු කලබල විය යුතු නැත. කාන්තාවකට මුහුණ වැසීමට හෝ නොවැසීමට කීම කෙනෙකුගේ පුද්ගලික නිදහසට බාධා කිරීමකි.
ප්‍රශ්නය: ලාංකික මුස්ලිම්වරුන් හා වෙනත් ජන කොටස් අතර සහජීවනය සඳහා අතීතයෙන් ආදර්ශ ලබා ගත යුතු ය යැයි ඔබ නිතර පවසන කෙනෙක්. ඔබ එසේ පවසන්නේ ඇයි?
පිළිතුර: මුස්ලිම්වරු වසර දහසකට වැඩි කාලයක් මෙරටේ අනෙකුත් ජන කොටස් සමඟ සුහදව හා සහජීවනයෙන් වාසය කරමින් සිටිනවා. ඔවුන් මෙහි පැමිණියේ ආක්‍රමණිකයන් ලෙසින් නොව සුහද හා සාධාරණ වෙළෙන්දන් ලෙසිනි. සියවස් ගණනාවක් හුදකලාව කැලෑවල වාසය කරමින් සිටි වැදි සමාජයට මෙන් ම උඩරට රාජධානියේ වඩාත් ශිෂ්ඨසම්පන්න ප්‍රජාවන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයමින් ඉතා මිත්‍රශීලී වෙළෙන්දන් ලෙස එකල ලංකාවට පැමිණි අරාබි මුස්ලිම්වරුන් කටයුතු කළා. ලංකාව විවිධ විදේශ බලවේගවල යටත් විජිත ලෙසින් තිබුණු කාලයේත් මුස්ලිම්වරුන් එලෙසින් ම සිංහල රජුන්ට හා මිනිසුන්ට ලැදිව හා විශ්වාසවන්තව කටයුතු කරමින් සිටියා. පසුව සිංහල කතුන් හා යම් පමණකට දෙමළ කතුන් ආවාහ කර ගත් මුස්ලිම්වරුන් මෙහි ස්ථිරව පදිංචි වන්නට වුණා. උෂ්ණාධික වැලිකතරවල සිට පැමිණ අයට මෙම ගංගා, වැව්, ගස්, පළතුරු ආදියෙන් සපිරි පළාවන් මෙම දිවයින සුරලොවක් මෙන් දිස් වුණාට සැක නැත.
අද වුව ද සිංහළ පෙළපත් නාම සහිත මුස්ලිම් පවුල් උඩරට වැනි පෙදෙස්වල දැකිය හැක්කේ මේ නිසා ය. ශ්‍රී ලාංකේය මුස්ලිම් ජාතිකයන් දිවයිනේ අඩුම වශයෙන් බැහැරව සලකනු ලබන සුළු ජන වර්ගයක් බව ජාන අධ්‍යයනයන් මගින් ද තහවුරු වී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ මෙරටේ සිංහළ මහ ජාතිය හා ජානමය වශයෙන් වැඩියෙන් ම සමීප සුළු ජාතිය වන්නේ මුස්ලිම්වරුන් බවයි. මෙහි පැමිණි මුස්ලිම් පිරිමින් ලාංකික කතුන් අවාහ කර ගත්තා සේ ම සුලු වශයෙන් හෝ මුස්ලිම් කතුන් සිංහල පුරෂයන් සිය හිමියන් බවට ගත් අවස්ථා ද වාර්තා වනවා. තත්වය මෙසේ නමුත් යම් යම් දුෂ්ට බලව්ගවල ක්‍රියා නිසා ලාංකික මුස්ලිම්වරුන්ට මහ ජාතිය හා මනාව සම්මිශ්‍රනය වන්නට නොහැකිව ඔවුන්ව හුදෙකලා කර තිබෙනවා. මෙයට විසඳුම වන්නේ හැකි පමණ මෙම සුන්දර දේශයේ මුස්ලිම්වරුන්ගේ දායකත්වය හා සබඳතා පිළිබඳ ඉතිහාසය මැකී යන්නට හෝ අමතක වන්නට ඉඩ නොදී නිතර සිහිපත් කිරීමයි.
ප්‍රශ්නය: මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් සමාජය තුළ ඇත්තේ සීමිත අයිතිවාසිකම් ය යැයි මතයක් තිබෙනවා. මෙය ඇත්තක් ද?
පිළිතුර: මෙයත් බහුලව දැකිය හැකි වැරදි මතයකි. සවුදි අරාබිය වැනි රටවල දැඩි ක්‍රියාපිළිවෙත මෙයට එක් ප්‍රධාන හේතුවක්. ඉස්ලාමය කාන්තාවන්ට හිමි කර දී ඇති තරම් නිදහස අන් ආගම්වල පවා දැකිය නොහැකියි. තමන්ගේ ම වෙළෙඳාමක් කිරීම විවාහයේ දී කැමැත්ත විමසනු ලැබීම ආදි නිදහස ඉස්ලාමය කාන්තාවන්ට ලබා දී ඇති නමුත් සවුදි අරාබිය වැනි රටවල කාන්තාවන්ට පනවා ඇති සීමා නිසා මෙය ඉස්ලාමයේ හෙවත් කුර්ආනයේ සහ නබිතුමන්ගේ මගපේනවීම යැයි වැරදි මතයක් ප්‍රචලිත වී තිබෙනවා. නබිතුමන් ඉපදුනේ සහ කුර්ආනය පහළ වුයේ අරාබිකරයේ හෙයින් ඔවුන් කරන සෑම දෙයක් ම ඉස්ලාමය යැයි අන් අය සිතනවා. සවුදි අරාබිය ගත් කල ඔවුන් ඉස්ලාමයේ නිර්දේශවලට වඩා අරාබි ගෝත්‍රික සිරිත් විරිත්වලට මුල් තැන දෙන සමුහයක්. මෙම තත්වය ඉස්ලාම් විරෝධී ඇතැම් බටහිර හා ඇමරිකානු මාධ්‍යය විකෘති කර පෙන්වනවා. ගැහැණු ළමුන්ට කරනු ලබන ලිංගාවයව ඡේදනය වැනි දේ ඇත්තෙන් ම ඉස්ලාමයේ නිර්දේශ නොව ඇතැම් අප්‍රිකානු රටවල ගා්ත්‍රික සිරිතකි. එනමුත් ගැහැණු ළමුන් ඉපදුනු විට ඔවුන්ගේ ලිංගාශ්‍රිත සම මඳක් ඉවත් කිරීමේ නිර්f්දශයක් ඉස්ලාමයේ තිබෙන අතර මෙය පුරුෂණයන්ට සිදු කරනු ලබන සුන්නත් යැයි ද කියනු ලබන පුරුෂ චර්ම ඡේදනය සේ ම සෞඛ්‍යමය වශයෙන් මෙන් ම ශාරීරික ඇසුර හා ප්‍රජනන ක්‍රියාවලියට ප්‍රයෝජනවත් වන යහපත් කටයුත්තක් බව අද සනාථ වී තිබෙනවා. ප්‍රකට ඉස්ලාමීය සගරාවක් වන අල් ජුමාආ මේ පිළිබඳ මුල් පිටු ලිපියක් මගින් විස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දී තිබෙනවා.
ප්‍රශ්නය: ෂරීආ නීතිය ඉතා දැඩි නීති පද්ධතියක් යැයි ද නුතන ලෝකයට එය නොගැලපෙන යල්පිනු නීති සංග්‍රහයක් යැයි ද පුළුල් වශයෙන් චෝදනා කරනු ලබනවා. මෙය ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක් ද?
පිළිතුර: ෂරීආ යනු බොහෝ අය සිතන්නා සේ දැඩි හෝ දරදඬු නීති පද්ධතියක් නොවේ. ලොවට හඳුන්වා දී ඇති නීති මාලාවලින් ඉතා ම ලිහිල් නීති මාලාව වන්නේ ඉස්ලාමයේ නීති සංග්‍රහය වන ෂරීආ නීති සංග්‍රහය යැයි කියා මා කීවොත් ඇතැම් විට ඔබ ඇතුළු බොහෝ දෙනෙකුට විශ්වාස කරන්නට පවා බැරුවාට සැකයක් නැත. ගැඹුරින් හාදාරන්නේ නැතිව ෂරීආ යනු යල් පිනු කුරිරු නීති සංග්‍රයක් යැයි වැරදි අර්ත කථනයක් මෙම විශි්ෂ්ඨ නීති මාලාවට ඉස්ලාමයේ විරෝධීන් සාර්ථක ලෙස ලබා දී තිබනෙවා. සොරකම් කළ කෙනෙකුගේ අත කපා දැමිය යුතු ය යන ෂරීආ නීතිය එය ම්ජෙල්ච්ඡ නීති මාලාවක් ලෙස පෙන්වන්නට බහුලව භාවිත කරනු දැකිය හැකියි. එනමුත් සොරකම් කළ කෙනෙකුගේ අත කපා දැමීමට පෙර එය සඳහා කරුණු 13 ක් සලකා බැලිය යුතුය යැයි ෂරීආව අවධාරණය කරන බව ඔබ දන්නවා ද? මෙයින් එකක් හෝ සැපිරෙන්නේ නැත්නම් චුදිතයෙකුගේ අත කපන්නට අනුමැතිය නැත. එමෙන් ම මෙම දණ්ඩන ක්‍රමය නිසා සොරකම් කිරීමේ වරද ඇදහිය නොහැකි අන්දමින් එය බලපැවැත්වෙන රටවල පහත වැටී තිබෙනු දැකිය හැකි ය. වසර තුන් සීයයක් ෂරීආ නීතිය පැවති ඔටෝමන් යුගයේ තුර්කියෙහි සොරකම් කළවුන්ගේ අත් කැපීමේ සිදුවීම් මෙන් ම සොරකම් කිරීමේ සිදුවීම් පවා වාර්තා වී ඇත්තේ සියවස් තුනකට ම අතළොස්සක් වාරයක් බව ඔබ දන්නවා ද? අත කැපීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගත් කල පළමුවෙන් සොරකම් කළ භාණ්ඩයට නිශ්චිත වටිනාකමක් තිබිය යුතු ය. එම වටිනාකම නුතන සන්දර්භය තුළ ඩොලර් 40 කට සමාන මුදලකි. තවද සොරකම් කරන ලද භාණ්ඩය එසේ සොරකම් කරන ලද්දේ සේප්පුවක් වැනි ආරක්‍ෂිත ස්ථානයක අගුලු දමා තිබෙන තත්වයක විය යුතු ය. එනම් අනාරක්‍ෂිතව තිබෙන දෙයක් සොරකම් කළ කොනකුගේ අත කපා දැමීමට ෂරීආ නීතිය අවසර නොදෙයි. චුදිතයාගේ අත කැපිය හැක්කේ මෙලෙසින් කරුණු 13 ක් සලකා බලා ඒ සියල්ල ඒ ආකාරයෛන් තිබුණොත් පමණි. එපමණක් නොව සියලු කාරනා නිසි පරිදි තිබුණ ද භාණ්ඩය අහිමි වු පුද්ගලයා ඉදිරිපත් වී වැරදිකරුට සමාව දෙන්නට සහ සෙරකම් කළ එම භාණ්ඩය වැරදිකරුට තෑගි කරන්නට කටයුතු කළොත් එවිට ද අත කැපීමේ නිර්දේශය බලරහිත වන්නේ ය. මෙතරම් ලිහිලක් දක්වන අන් නීති සංග්‍රහයක් ලොව තිබේ ද? සමාව දීම හා ලිහිලක් දැක්වීමට ෂරීආ නීතිය මුලික ලක්‍ෂණ බව බටහිර මාධ්‍යය නොකියයි. බටහිර ඉංග්‍රිසි දණ්ඩ නීතියේ මෙවැනි නිර්දේශ හෝ කොන්දේසි කිසිවක් නැති බව කිව යුතු නැත.
දුරාචාරයේ යෙදීම ගනිමු. විවාහකව සිටින පුරුෂයෙක් විවාහකව සිටින අන් ස්ත්‍රියක් සමග අනියම් ශාරීරික ඇසුරක් පවත්වා එය ඔප්පු වුවහොත් ඒ දෙදෙනාට ගල් ගසා මරා දැමිය යුතු ය යැයි ෂරීආ නීතිය පවසන බව ඇත්තකි. එනමුත් එසේ ගල් ගසා මරා දැමීමේ දඬුවම ඉටු කළ හැක්කේ එම පුරුෂයා සහ ස්ත්‍රිය අනියම් කායික ඇසුරේ යෙදී සිටිනවා තම දෑසින් ම දුටු සාක්‍ෂිකරුවන් සිව් දෙනෙකු සිටියොත් පමණි. මෙය ඉතා අප්‍රායෝගික තත්වයකි. එක් අයෙකු හෝ දෙදෙනෙකු නොව සිව් දෙනක් බලා සිටින විට අනියම් ඇසුරක් පවත්වන්නේ කවු ද? ඒ අනුව මෙම දඬුවම සඳහා වන සාක්‍ෂිමය අවශ්‍යතාවය ඉටු වීම ඉතා දුරස්ත සිදුවීමකි. එසේ සිව් දෙනෙකු එම නින්දිත ක්‍රියාව සියැසින් ම දැක තිබුණ ද එය අධිකරණයක් ඉදිරියට පැමිණ පිළිගැනීමට ලැජ්ජා සිතෙනු ඇත. මෙවන් නින්දිත වරදක් වෙනුවෙන් සාක්‍ෂි ලබා දීමෙන් පසුව කෙනෙකු සිය දරු පවුල හා නිවසට ආපසු යන්නේ කෙසේ ද? මෙකී නොකී කාරනා අනුව ගල් ගසා මරා දැමීමේ දඬුවමක් ඉටු වන නීතිමය තත්වය උද්ගත වීම අසීරු ය. එසේ නම් මෙවන් කුරිරු නීිතියක් ඉස්ලාමය පනවා ඇත්තේ ඇයි? මෙහි ඉලක්කය වන්නේ දඬුවමේ කටුක බව මෙනෙහි කර හෝ එයින් මිනිසුන් ගැලවෙනු ඇත යැයි බලාපොරොත්තු වෙයි. මෙම අරමුණ නිසා අනියම් ඇසුරේ වරද බටහිර හෝ යුරෝපීය රටවලට වඩා ෂරීආ නීතිය පවතින රටවල ඉතා අඩු බව පැහැදිලිව ම දැකිය හැකි ය. ෂරීආ නීති සංග්‍රහයේ මෙවන් අද්වීතීය ලක්‍ෂණ ගැන කථා නොකරන්නට ඉස්ලාම් විරෝධීන් වග බලා ගනිති.