සමහර විට ජීවිතයේ වැදගත්ම දේවල් අතුරින් සතුට ප්‍රධාන එකක් වුවද තවමත් විද්‍යාවට ඒ ගැන වැඩි යමක් පැහැදිලි කළ නොහැකි වී තිබෙනවා. ඇත්තෙනම් සතුට යන මුලු සංකල්පයම අපැහැදිලියි. එය අදහසක් ද, චිත්තවේගයක් ද, ගුණධර්මයක් ද, දර්ශනයක් ද, පරමාදර්ශයක් ද නැතිනම් එය ජාන තුළ තැන්පත් කර ඇති දෙයක් ද? යනාදි ලෙස සතුට සම්බන්ධයෙන් පිළිගත් පොදු නිර්වචනයක් නැතත් මේ දිනවල සෑම කෙනෙකුම සතුට විකුණමින් සිටින බවක් පෙනේ – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඖෂධ සමාගම්, හොලිවුඩ් චිත්‍රපට සමාගම්, ක්‍රීඩා භාණ්ඩ සමාගම්, විනෝදාස්වාද සපයන තැනැත්තන් විකුණති. ඇත්තෙන්ම සතුට මිල දී ගත හැකි ද? විනෝදාස්වාදය වැඩි කිරීමෙන්, කීර්තිය හා ජනප්‍රියතාව දිනා ගැනීමෙන් හෝ අසීමිත විවේකයකින් කල් ගෙවීමෙන් සතුට ලබාගත හැකි ද?
වර්තමාන අපේ සංස්කෘතිය තුළ පොදුවේ විශ්වාස කරන්නේ ධනවත්වීමෙන්, බලවත් වීමෙන් හෝ ජනප්‍රිය වීමෙන් සතුට ළඟා වන බවයි. අපි නිතරම සතුට සොයන්නේ ආතතිය, දුක සහ කෝපය ඉවත් කර ගැනීමෙනි. සමහරුන්ට අනුව සතුට රඳා පවතින්නේ මනෝභාවයන් වෙනස් කරන විවිධ ප්‍රතිකාර ක්‍රම වල ය.
සතුට ලබා ගැනීම පිණිස මෙතරම් ගැටලු හා අර්බුද ප්‍රමාණයක් උද්ගත වීමට එක් හේතුවක් වන්නේ සතුට යනු කුමක්ද යන්න පිළිබඳව අප නොදැනීමයි. එනිසා අපි ජීවිතයේ නරක විනිශ්චයන්වලට එළඹෙන්නෙමු. විනිශ්චය හා සතුට අතර ඇති සම්බන්ධය එක් කතාවකින් මෙලෙස නිරූපණය කළ හැකි ය.
“ඕ, මහා මුනිවර, නස්රුදීන්,” උනන්දුවෙන් සිටි ශිෂ්‍යයා විමසුවේය, “අපි හැමෝම පිළිතුරු සොයමින් සිටි ඉතා වැදගත් ප්‍රශ්නයක් ඔබෙන් ඇසිය යුතුයි” : සතුට ලබා ගැනීමේ රහස කුමක් ද?”
නස්රුදින් මද වේලාවක් කල්පනා කර අනතුරුව ප්‍රතිචාර දැක්වීය. “සතුටේ රහස වන්නේ හොඳ විනිශ්චය යි.”
“අහ්” සිසුවා ඇසුවේය. “එහෙනම් අපි හොඳ විනිශ්චයක් ලබා ගන්නේ කෙසේද?
“අත්දැකීමෙන්” නස්රුදීන් පිළිතුරු දුන්නේය.
“ඔව්” සිසුවා පැවසුවේ ය. “ඒත් අපි අත්දැකීම් ලබා ගන්නේ කෙසේද? ‘
“නරක විනිශ්චයෙන්.”
භෞතිකවාදී සැප සම්පත් පමණක් සදාකාලික සතුටට මඟ පාදන්නේ නැතැයි යන්න දැන සිටීම අපගේ හොඳ විනිශ්චය සඳහා උදාහරණයකි. අපගේ හොඳ විනිශ්චයෙන් එම නිගමනයට එළඹීමෙන් පසු අපි අපේ සැනසිල්ල පසුබසින්නේ නැත.
ළඟා විය නොහැකි සතුටක් පසුපස අපි ලුහු බඳින්නෙමු. සතුට ළඟා කරගැනීමේ මාර්ගය මෙය යැයි සිතමින් අපි අධිකව මුදල් උපයන අතර එම ක්‍රියාවලියේදී අපේ පවුල පවා මග හැරී යයි. අප සිහින දකින බොහෝ දැවැන්ත දේවල් අප වෙත ගෙන දෙන්නේ බලාපොරොත්තු වූවාට වඩා අවම සතුටක් විතරයි. ඊට අමතරව, අපට අවශ්‍ය කුමක් ද, අපව සතුටු කරන්නේ කුමක් ද, එය ලබා ගන්නේ කෙසේ ද යන්න ගැන ද නොදනිමු. මෙසේ අපි වැරදි ලෙස විනිශ්චයන් කරන්නෙමු.
සදාකාලික සතුට ලැබෙන්නේ ‘ධනය ළඟා කරගැනීමෙන්’ නොවේ. සිතන්න, යමෙකුගේ ඇඟිල්ලක් ගැසීමෙන් ඔබට කීර්තිය, වාසනාව සහ විශ්‍රාන්තිය ලැබෙනු ඇතැයි සිතන්න. ඔබ සතුටු වන්නේ ද? ඔබට ප්‍රීතියක් ලැබෙනු ඇත, එහෙත් ඒ කෙටි කාලකට පමණි. ක්‍රමයෙන් ඔබ ඔබේ නව තත්වයන්ට අනුවර්තනය වන නමුත් ජීවිතය එහි සාමාන්‍ය හැඟීම් මට්ටමට නැවත පැමිණෙනු ඇත. අධ්‍යයනවලින් පෙනී යන්නේ ලොතරැයියක් දිනූවෙකු මාස කිහිපයක් ගත වූ පසු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සතුටක් නොලබන බවයි! ඔහුට ප්‍රීතිය නැවත ලැබීමට නම් නැවත ඊටත් වඩා ඉහළ වටිනා මුදල් තොගයක් අවශ්‍ය වේ.
2000 දී ලංකාව ලඟා වී සිටි ඒක පුද්ගල ආදයමත්, වර්තමාන ආදායමත් සසඳා බලන්න. එදා එක් පුද්ගලයාගේ ආදායම ඩොලර් 4270 ක් විය. අද එය ඩොලර් 12870 කි. එනම් දෙගුණයකටත් වඩා වැඩිය. ආදායම දෙගුණයකින් වැඩි වීමත් සමඟ, මුදලින් මිලදී ගත හැකි ද්‍රව්‍යමය භාණ්ඩ දෙගුණයක් අප සතුවී ඇත. එමෙනම් ඒක පුද්ගල වාහන ප්‍රමාණය ද දෙගුණයක් වී ඇත. නිවාස විශාල වී ඇත. එමෙන්ම අපේ නිවෙස්වල මයික්‍රෝවේව් උදුන්, වර්ණ රූපවාහිනී, පරඝණක යන්ත්‍ර, ස්මාට් ජංගම දුරකතන සහ වසරකට ඩොලර් බිලියන ගණනාවක් උපයන වෙළඳ සන්නාම සහිත ඇඳුම් සපත්තු ආදියත් තිබේ.
එසේ නම් එදාට වඩා දැන් අපි සතුටු වෙනවා? සතුට දැනෙනවා ද? සතුටින් සිටිනවා ද? නැත. එදාට වඩා අද තිබෙන්නේ අතෘප්තියක්, අසතුටක්, බයක්, සැකයක්, ව්‍යාකූලත්වයක්. අද සතුට වෙනුවට තිබෙන්නේ මානසික පීඩනය, විවිධ මානසික ලෙඩ රෝග ඉහළ යාම ආදිය.
අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසයි.
“සැබෑ පොහොසත්කම ලැබෙන්නේ විශාල ධනයක් හිමි වීමෙන් නොවේ, සැබෑ පොහොසත්කම වන්නේ ආත්මය/මනස පොහොසත් වීමය.” (සහීහ් අල් බුහාරි)
එමෙන්ම සැබෑ සතුට හා සාමය සොයාගත හැකි වන්නේ මේ ලෝකයේ මැවුම්කරු හා පෝෂකයාගේ අණට කීකරු වීමෙනි. දෙවියන් වහන්සේ අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත.
“සැබෑ ලෙස දෙවිඳුන්ව මෙනෙහි කිරීමෙන් හදවතට සැනසුම හිමි වන්නේ ය.” (අල් කුර්ආනය 13:28)
අනෙක් පසින්, අල් කුර්ආනයේ ඉගෙන්වීම්වලින් ඉවත් වන තැනැත්තාට මෙලොව ජීවිතය දුෂ්කර වනු ඇත. දෙවියන් වහන්සේ මෙසේ ද පවසා ඇත.
“කවුරුන් මගේ හොඳ ඔවදන් ප්‍රත්කෂේප කරන්නේ ද, ඔහුගේ ජීවිතය නියත වහයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරුනු එකක් වශයෙන්ම තිඛෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු” යයි පැවසුවේය.” (20:104)
මුදලින් මිලදී ගත හැකි ද්‍රව්‍යමය සැප සම්පත් සියල්ල භුක්ති විඳින ඇතමුන් සිය දිවි නසා ගැනීමට හේතුවත් මෙය මනාව පැහැදිලි කරයි. යුරෝපය කලාපයක් ලෙස ආර්ථිකමය වශයෙන් ඉහළ දියුණුවක් අත්කරගෙන සිටියත් ලොව වැඩියෙන්ම සිය දිවි නසා ගැනීම් සිදුවන්නේ යුරෝපා කලාපයේ වීමෙන් පැහැදිලි වන්නේ මුදලින් සතුට හිමි නොවන බව නොවේ ද?
තවත් නිදසුනක් ලෙස කලකට පෙර ප්‍රසිද්ධ පොප් ගායකයෙකු වූ කැට් ස්ටීවන්ස් (දැන් යූසුෆ් ඉස්ලාම්) ගත් කල, ඔහු සමහර දිනවල එක් රාත්‍රියකින් ඩොලර් 150,000 කට වඩා ඉපැයුවේ ය. ඒත් ඔහුට සිත් සැනසුමක් හෝ සතුටක් ලැබුණේ නැත. එනිසා ඔහු ඉස්ලාමයට පිවිසියේ ය. ඔහු ඉස්ලාමය වැළඳ ගැනීමෙන් පසු, එතෙක් ද්‍රව්‍යමය සාර්ථකත්වයන්ගෙන් ඔහුට හිමි නොවූ සැබෑ සතුට හා සාමය ඔහු ළඟා කරගත්තේ ය.