ආදර්ශමත් ශිෂ්ටාචාරයකට

නුතන ශිෂ්ටාචාරය පිළිබඳ මුස්ලිම්වරුන්ගේ දායකත්වය ඉබ්න් අල් හයිතම් – නුතන ‘දෘෂ්ටි විද්‍යාවේ’ පියා

ඉබ්න් අල් හයිතම් තුමාගේ දායකත්වය

ඉබ්න් අල් හයිතම් තුමා විසින් කැඩපත් න්‍යාය විමර්ශනය කොට ගෝලාකාර හා පාරාවලයික කැඩපත් පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරන ලදී. මෙමගින් කාචයක් තුළින් ආලෝකය ගමන් කරන විට ඇතිවන වර්ණාවලිය විග්‍රහ කරන ලදී.

එතුමා ඉදිරිපත් කරන ලද කාචයන් පිළිබඳ මුලධර්මයන් පදනම් කරගෙන දුර දක්නය හා ඇස් කන්නාඩි නිපදවීමට උපයෝගී කරගෙන ඇත.

එතුමාගේ ජීවිත කථාවෙන් බිඳක්

වර්ෂ දහසකට පමණ පෙර වර්තමාන ඉරාකයේ උපත ලැබීය. අල් හසන් ඉබ්න් හයිතම් තුමා පුරෝගාමී විද්‍යාත්මක චින්තකයෙකු වූ අතර ඇස් පෙනීම, දෘෂ්ටි විද්‍යාව හා ආලෝකය පිළිබඳ දැනුම ගැන ඉතා වැදගත් දායකත්වයක් ලබා දෙන ලදී. න්‍යායක් නිවැරදි බව සනාථ කිරීම පිණිස කරන්නාවූ  එතුමාගේ අත්හදා බැලීම් බොහෝ දුරට වර්තමානයේ භාවිතා වන විද්‍යාත්මක ක්‍රමවේදයට සමාන වුවකි.

එතුමාගේ ‘දෘෂ්ටි විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය (කිතාබ් අල් මනාසීර්) සහ එහි ලතින් පරිවර්තනය (ඩි අස්පෙක්ටිබස්) මගින් ඉදිරිපත් කරන ලද එතුමාගේ අදහස් යුරෝපීය විද්වතුන්ගේ ආභාශයට ලක් වූ අතර විශේෂයෙන් ම යුරෝපීය පුනරුදය පිළිබඳ ව කටයුතු කළ විද්වතුන් කෙරෙහි එහි බලපෑමක් විය. ආලෝක විද්‍යාව හා දෘෂ්ටි විද්‍යාව පිළිබඳ විද්වතුන් පිළිබඳ දීර්ඝ ලැයිස්තුවේ ඉබ්න් අල් හයිතම් තුමා විශේෂ තැනක් ගන්නේ එතුමාගේ ක්‍රියාදාමයන් අත්හදා බැලීම් මගින් ඔප්පුකරන ලද සාධක වූ හෙයිනි. වර්තමානයේ බොහෝ පිරිස් එතුමා දෘෂ්ටි විද්‍යා ඉතිහාසයේ  ප්‍රධාන චරිතයක් ලෙස හා ‘දෘෂ්ටි විද්‍යාවේ පියා’ ලෙස සලකති.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *