නුතන ශිෂ්ටාචාරය පිළිබඳ මුස්ලිම්වරුන්ගේ දායකත්වය ඉස්මායීල් අල් ජසාරි – රොබෝ තාක්ෂණයේ පියා – නවමනස
ආදර්ශමත් ශිෂ්ටාචාරයකට

නුතන ශිෂ්ටාචාරය පිළිබඳ මුස්ලිම්වරුන්ගේ දායකත්වය ඉස්මායීල් අල් ජසාරි – රොබෝ තාක්ෂණයේ පියා

ඉස්මායීල් අල් ජසාරි තුමාගේ දායකත්වය

අල් ජසාරි තුමා විසින් බොහෝ උපකරණ, තාක්ෂනය සහ උපාංග ආදිය පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත. මේවා සියල්ල නවොද්පාදනයන් වන අතර එයින් කිහිපයක් නම් අති විශාල හස්ති හෝරා යන්ත්‍රය හා බොහෝ යාන්ත්‍රික උපකරණ ද අන්තර්ගතය.

මුලික යාන්ත්‍රික සොයා ගැනීම් හේතුවෙන් ‘නුතන ඉංජිනේරු විද්‍යාවේ පියා ලෙස’ අල් ජසාරි තුමාව හඳුන්වනු ලැබේ. ක්‍රියාකාරිත්වය සැකසිය හැකි මනුෂ්යාභ රොබෝවක් ආරම්භයේ නිපයු හෙයින් එතුමාව ‘රොබෝ තාක්ෂණයේ පියා’ ලෙස ද හඳුන්වනු ලැබේ.

එතුමාගේ ජීවිත කථාවෙන් බිඳක්

නව නිපැයුම් කරුවෙකු හා යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකු වූ එතුමා විසින් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ ව සකස් කරන ලද ‘අල් ජාමි බයින් අල් ඉල්ම් ව අමල් අල් නාෆි ෆි සිනා  අත් අල් හියාල්’ (යාන්ත්‍රික කලාව පිළිබඳ න්‍යාය හා ප්‍රයෝජනවත් භාවිතාවන් – යාන්ත්‍රික උපකරණ පිළිබඳ විචක්ෂණ බුද්ධිය ලෙස ද එය හඳුන්වනු ලැබේ).

මෙය යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ හා තාක්ෂනය පිළිබඳ ඉතිහාසයේ ඉස්ලාමීය සම්ප්‍රදාය තුල බිහිකරන ලද ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය ලෙස සැලකේ.  එතුමා මෙලොවින් සමුගෙන වර්ෂ 800කට පමණ පසු විද්‍යාව පිළිබඳ නුතන ඉතිහාසය විසින් එතුමාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් ඇගයීමට ලක් කිරීමට ද නිසි ගෞරව ලබා දීමට ද කටයුතු කොට ඇත. තාක්ෂනය පිළිබඳ ඉතිහාසඥයින් අතරත් කලාව පිළිබඳ  ඉතිහාසඥයින් අතරත් අල් ජසාරි තුමාගේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයන් විශාල උනන්දුවක් ඇති කිරීමට හේතු සාධක වී ඇත.  

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *