ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලයේ ස්ථාපකවරිය
ෆාතිමා අල් ෆිහ්රි තුමියගේ දායකත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ය.එතුමිය ලොව පළමු විශ්ව විද්‍යාලයේ ස්ථාපක වරිය වූ ඉස්ලාමීය කාන්තාවයි.
මෑතක දී ගිනස් ලෝක වාර්තා ආයතනය මගින් ඇයගේ විශ්ව විද්‍යාලය ලොව උපාධි ප්‍රධානය කිරීමේ පළමු අධ්‍යාපන ආයතනය ලෙස පිළිගන්නා ලදී.
එතුමියගේ ජීවිත කථාවෙන් බිඳක්
ෆාතිමා ෆිහ්රි යන නාමය ලොව පළමු විශ්ව විද්‍යාලයේ ස්ථාපක වරිය ලෙස ඉතිහාස වංශ කතාවේ කිරුළු පළඳා ඇත. සැබැවින් ම උසස් අධ්‍යාපනය පිළිබඳ ආකෘතිය හා විවිධ තලයන් හි උපාධි ප්‍රධානය කිරීමේ පුරෝගාමිත්වය මෙම ඉස්ලාමීය කාන්තාව දරන්නීය. එතුමිය විසින් ක්‍රි.ව. 859 හිදී මොරොක්කෝවේ ෆෙස් නගරයේ ඛර්රවිය්යින් මස්ජිදය හා විශ්ව විද්‍යාලය ස්ථාපනය කරන ලදී.
අල් ඛර්රවිය්යින් විශ්ව විද්‍යාලය මුස්ලිම් ලොව අති ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනය ලෙසත් ආධ්‍යාත්මික මධ්‍යස්ථානය ලෙසත් විශාල කීර්තියක් අත්කරගෙන සිටියේය. ගිනස් ලෝක වාර්තා ආයතනය මගින් මෙම විශ්ව විද්‍යාලය ලොව අඛණ්ඩ ව පවත්වාගෙන එන හා ක්‍රියාත්මක උසස් අධ්‍යාපන ආයතනය ලෙස පිළිගෙන ඇත. මොරොක්කෝවේ තරුණ කාන්තාවන් විසින් මෙම ශ්‍රේෂ්ඨ මාතාව ගැන පවසන විට එතුමිය විසින් ෆෙස් නගරයට කීර්තියක් අත්කර දුන්නා පමණක් නොව වර්තමානයෙත් ක්‍රියාත්මක ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලයේ කර්තෘ වරිය ලෙස තමා පිළිබඳ ශ්‍රේෂ්ඨ නාමයක් ස්ථාපිත කර ගත් එකම මුස්ලිම් කාන්තාව ලෙසත් සඳහන් කරති.
ලොව අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනයත් එය ලෝවැසියන්ට ලබා දුන් මුහම්මද් තුමාණන්ගේ පිළිවෙත මගිනුත් සෑම ස්ත්‍රී පුරුෂයෙකුව ම දැනුම ලබාගැනීමට දිරිමත් කරයි. ෆාතිමා අල් ෆිහ්රි තුමියගේ මෙම ඉතා කෙටි ජීවිත කතාවෙන් හඬනගා පවසනුයේ ඉස්ලාමීය ශිෂ්ටාචාරය තුල මුස්ලිම් කාන්තාවගේ කාර්යභාරය හා දායකත්වයයි.