ශිෂ්ඨාචාරයට මිනිසා ලබා දුන් දායකත්වය ගැන මිනිසා දැන ගැනීම තව තවත් ශිෂ්ඨ සම්පන්න වීමට නැතිවම බැරි කාරනාවකි. ඉස්ලාමීය ඉතිහාසය දැන ගන්නා කිසිවෙකු ඉස්ලාමය ගැන පැහැදීමට පත් නොවී සිටීමට නොහැකිය. එනිසා ඉස්ලාමීය ඉතිහාසය අන් අයට දැන ගන්නට සැලැස්වීම අපගේ වගකීමකි. මේ අනුව පහත ඉසව් හතරක ඉතිහාසයට අප යොමු විය යුතුය:
- පෙර පැමිණි නබිවරුන් හෙවත් දෙවියන්ගේ පණිවිඩකරුවන්ගේ ඉතිහාසය
ලොවට පැමිණි පළමු මිනිසා ආදම් පළමු නබිවරයාද වන්නේය. එතුමන් පටන් අවසාන නබිවරයා වන මුහම්මද් තුමන් දක්වා වන ඔවුන්ගේ ඉතිහාසය ඔවුන් හඳුන්වාදුන් ශිෂ්ඨාචාර ගැන අපට පැහැදිලි කරයි.
- මුහම්මද් තුමන්ගේ වෘතාන්තය
දෙවියන්ගේ අවසාන පණිවිඩකරු මුහම්මද් තුමන් බිහි කළ ශිෂ්ඨාචරය පිළිබඳ ඉතිහාසය
- ඉස්ලාමීය ඉතිහාසය
මුහම්මද් තුමන්ගෙන් පසු මුස්ලිම්වරු ගොඩනැගූ ශිෂ්ධාචාරය පිළිබඳ ඉතිහාසය
- ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය
ලංකා ඉතිහාසය තුල ලාංකික මුස්ලිම්වරුන් රටට ලබා දුන් දායකත්වය පිළිබඳ ඉතිහාසය