සුහෙයිබ් මුක්තාර්, සයිනතුල් ආෂිකීන් සහ සුෆියාන් ජුසෝ විසිනි
සාරාංශය. ඉස්ලාමීය නීතිය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) විසින් පිහිටුවා ගෙන ඇති තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) විශ්ලේෂණය කිරීම මෙම අධ්යයනයේ අරමුණයි. මෙම ලිපිය ශුද්ධ වූ අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ සම්ප්රදායන් යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක විශ්ලේෂණය කිරීමේ ගුණාත්මක ක්රමවේදයකි. තිරසාර සංවර්ධන අරමුණු සාමාජික රටවලින් අවධාරණය කරන කරුණු මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ සුන්නාහ්වෙහි කලින්ම අවධාරණය කර ඇති බව මෙම අධ්යයනය මගින් පෙනී යයි. එපමණක් නොව, මහා දයාබර අල්ලාහ් සහ මුහම්මද් තුමන් දරිද්රතාවය, කුසගින්න, මන්දපෝෂණය යනාදිය මනුෂ්යත්වයෙන් තුරන් කරන ලෙසද අවධාරණය කරති. ඉස්ලාමීය නීතිය මගින් පොලිය, සූදුව, වෙළඳ ගනුදෙනුවල අවිනිශ්චිබාවය මෙන්ම නීතිවිරෝධී ක්රියාකාරකම් ආදිය තහනම් කරන අතර අයුක්තිසහගත ධනවත් ඉඩම් හිමියන්ගෙන් ජනසමාජයේ දුප්පතුන් ආරක්ෂා කරන මෙන්ද අවධාරණය කරයි. එබැවින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා සාමය, සමගිය සහ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා සාමාජික රටවල් තිරසාර සංවර්ධන ඉලක්ක අත් කර ගත යුතුය. මෙම ඉලක්ක ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි සහ මුහම්මද් නබිතුමාගේ හදීස් (එතුමන්ගේ කියුම් ආදර්ශ හා නිහඬ අනුමැති ආදිය) යටතේ මෙලොව හා පරලොව සාර්ථකත්වය අත් කර ගැනීම සඳහා ඉටු කළ යුතු යුතුකම් වේ.
හැඳින්වීම
ඉස්ලාමීය නීතිය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නියම කරන ලද තිරසාර සංවර්ධන ඉලක්ක විශ්ලේෂණය කිරීම මෙම අධ්යයනයේ අරමුණයි. මෙම ලිපිය ශුද්ධ වූ අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ සම්ප්රදායන් යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක විශ්ලේෂණය කිරීමේ ගුණාත්මක ක්රමවේදයකි. තිරසාර සංවර්ධන අරමුණු සාමාජික රටවලින් අවධාරණය කරන කරුණු මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ සුන්නාහ්වෙහි කලින්ම කර ඇති බව මෙම අධ්යයනය මගින් පෙනී යයි. එබැවින් ලොව මුස්ලිම් රටවල් තිරසාර සංවර්ධන ඉලක්ක අනුගමනය කිරීම දිරිගැන්වීම සඳහා ඉස්ලාමීය නීතිය යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක පැහැදිලි කිරීම මෙලොව හා පරලොව අපගේ ප්රයෝජනය සඳහා සර්වබලධාරී අල්ලාහ් සතුටු කිරීමට පිණිස අවශ්‍ය වෙයි.
ඉස්ලාමය යනු ජීවිතයේ සියලුම පැතිකඩ සඳහා අංගසම්පුර්ණ මාර්ගෝපදේශ ලබා දෙන ධර්මයයි.
අල්ලාහ් මෙසේ පවසයි:
විශ්වාසවන්තයිනි ඔබ ඉස්ලාමයෙහි පරිපූර්ණයෙන් ඇතුළු වන්න. තවද ෂාතාන්ගේ පියමං අනුගමනය නොකරන්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබට පැහැදිලිම සතුරාය (සුරා අල් බකරා 208)
ඉතා නිවැරදි හා අංශු මාත්රයක වරදක් නොමැති මාර්ගෝපදේශ ලබා දෙන විශ්වයේ එකම නීති සම්පාදකයා පරම දයාබර අල්ලාහ් වන අතර මිනිස් වර්ගයා සඳහා වන සිය මගපෙන්වීමේ පණිවිඩය ලබා දීම සඳහා ඔහු අවසාන පණිවිඩකරු ලෙස මුහම්මද්තුමන්ව තෝරා ලොවට එවුවේය.
අල්ලාහ් මෙසේ පවසයි:
(ඕ මුහම්මද්) ඔබව ලෝවැසියාට ආශීර්වාදයක් ලෙසින් මිස අප නොඑවුවෙමු (සුරා අල් අන්බියා 107)
අල්ලාහ් මෙසේ පවසයි:
ඔබගේ පිරිමින් කිසිවෙකුට මුහම්මද් පියෙකුව සිටියේ නැත. (ඔහු) අල්ලාහ්ගේ දූතයාවද වක්තෘවරුන්(ගේ පැමිණීම)ට මුද්රාවක්වද සිටින්නේය. තවද අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය (සුරා අල් අහ්සාබ් 40)
සාහිත්යමය පුනරීක්ෂණය
ඉස්ලාමීය නීති පද්ධතිය සඳහා වන ප්රධාන මුලාශ්‍ර දෙක වන්නේ කුර්ආනය සහ නබිතුමන්ගේ හදීස් (එතුමන්ගේ වාචික කියුම් ප්රායෝගික ආදර්ශ හා නිහඬ අනුමැති) සහ ඒ අනුව සම්පාදනය කර ගන්නානෛතික ප්රතිපාදන වන අතර එයට පටහැනි කිසිවක් ඉස්ලාමීය නීති ලෙසින් පිලිනොගැනේ.
අල්ලාහ් මෙසේ පවසයි:
විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ටද ඔහුගේ දූතයාට හා ඔබ අතරින් (නායකත්ව) බලය ඇත්තන්ටද අවනත වන්න. ඔබ (සැබවින්ම) අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන්නන් නම් කිසි කරුණක ඔබ භේද වුවහොත් එය අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයා වෙත හරින්න. හොඳම දෙය හා අලංකාරම තීරණය වන්නේ මෙයයි (සුරා අන්නිසා 59)
අල්ලාහ් මෙසේ පවසයි:
එසේ වුවද, ඔබගේ හිමි මත දිවුරා (මෙසේ කියනු ලැබේ. එනම්) ඔවුන් අතර ඇති වී තිබෙන අර්බූදයෙහි ඔබව විනිසුරුවෙකු බවට පත් කර ඔබ සිදු කරන්නාවූ තීන්දුව සිය හදවත්හි කිසිදු නොසෑහීමකින් තොරව (පිළි) ගන්නා තෙක් ඔවුන් විශ්වාසිකයන් නොවන්නුහය (සුරා අන්නිසා 59)
අල්ලාහ් සහ ඔහුගේ දූතවයා යම් කාරියක් තීරණය කළ පසු තමන් ස්වකීයව අදහස් පළ කිරීමට විශවාසිතයන් වන පිරිමින්ට හෝ ස්ත්රීන්ට අයිතියක් නැත. කවුරුන් (එහි) අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට විරෝද වන්නේද ඔහු ප්රකට නොමග යෑමක් ලෙසින්ම නොමග යන්නේය (සුරා අල් අහ්සාබ් 36)
ඉස්ලාම් වන අරාබි වචනයේ අරුත සාමයයි. මුස්ලිම්වරුන් එකිනෙකා හමු වන විටදිඔබට සාමය ඇති වේවා’ යන අතරු ඇති ‘අස්සලාමු අලෛකුම්’ නමැති සුබපැතුම පවසති
අල්ලාහ් මෙසේ පවසයි:
ඔබට යමෙකු සුබ පැතුවහොත් එයටත් වඩා අලංකාර දෙයින් ඔහුට ඔබ (පෙරලා) සුබ පතන්න. නැතිනම් (අවම වශයෙන්) එයම පෙරලා පවසන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ පිළිබඳ ගණන් බලන්නාව සිටින්නේය (සුරා අන් නිසා 86)
මුහම්මද්තුමන් මෙසේ පැවසුහ:
මාගේ ප්රාණය කාගේ අතේ තිබේද ඔහු මත දිවුරා පවසමි. ඔබ විශ්වාස කරන තුරු ඔබ ස්වර්ගයට ඇතුල් වන්නේ නැත. එමෙන්ම ඔබලා එකිනෙකාට සෙනෙහස දක්වන තෙක් ඔබ විශ්වාස නොකරනු ඇත. ඔබ එය කළහොත් ඔබ එකිනෙකාට ආදරය වැඩි කරන ක්රියාවක් ඔබට මා දන්වන්නද? එය නම් ඔබ අතර (අස්සලාමු අලෛකුම් නම් වන) සලාමය පැතිරවීමයි (ජාමි අත්–තිර්මිදි 2904).
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වනාහී එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලොව රටවල ආර්ථික දියුණුව හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් 1965 දී පිහිටුවන ලද ආයතනයකි. ගෝලීය, කලාපීය, දේශීය සහ පළාත්බද මානව සංවර්ධනය මුල් කර ගත් වාර්තා මෙම ආයතනය ප්රකාශයට පත් කරයි. 2000 සැප්තැම්බර් මස ආදේශ කර ගත් පහත සඳහන් සහශ්‍ර සංවර්ධන ඉලක්ක (MDG) 2015 සැප්තැම්බර් වන විට සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජාතීන් විසින් අදිටන් කර ගන්නා ලදී
1) දරිද්රතාවය, සාගින්න සහ මන්දපෝෂණය තුරන් කිරීම 2) ගුණාත්මවයෙන් යුත් ප්රාථමික අධ්යාපන සංවර්ධනය සහතික කිරීම සහ 3) ගෝලීය හවුල ප්රවර්ධනය කිරීම.
සහශ්‍ර සංවර්ධන ඉලක්ක අනුගමනය කිරීම තුලින් තිරසාර සංවර්ධනය හා ආර්ථික ප්රගතිය අත් කර ගැනීමට සියලුම එජා සාමාජික රටවල් එකගවුහ. එනමුත් වසර 25 කින් තිරාසාර ඉලක්ක අත් කර ගන්නට නොහැකි අතර ඒ සඳහා එයටත් වැඩි කාලයක් අවශ්‍ය වෙයි. ඒ අනුව 2016 වසර ජනවාරි මස පහත සඳහන් සහශ්‍ර සංවර්ධන ඉලක්ක ප්රකාශයට පත් කර ලදී. මෙම තිරසාර සංවර්ධන ඉලක්ක සහශ්‍ර සංවර්ධන ඉලක්කවලින් පසුව 2030 වසරෙහි අත් කර ගන්නා බවට අදිටන් පළ කර ගන්නා ලදී. තිරසාර සංවර්ධන ඉලක්කවලට පහත කරුණු ඇතුලත් වෙයි:
1) දරිද්රතාවය තුරන් කිරීම, 2) සාගින්න හා මන්දපෝෂණය අවසන් කිරීම, 3) සෞඛ්‍ය පහසුකම් සහතික කිරීම සහ ජනතාවගේ යහපැවැත්ම ප්රවර්ධනය කිරීම, 4) ගුණාත්මක අධ්යාපනයක් සැමට ලබා දීම සහ ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අවස්ථා ප්රවර්ධනය කිරීම, 5) ස්ත්රී පුරුෂ සමානාත්මතාවය ප්රවර්ධනය කිරීම 6) පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව සහතික කිරීම, 7) සැමට විශ්වාසදායක, දැරිය හැකි විදුලිය සහතික කිරීම, 8) රැකියා විරහිත පුද්ගලයින්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමෙන් ආර්ථික වර්ධනය සහතික කිරීම, 9) කර්මාන්ත ප්රවර්ධනය, නවෝත්පාදන සහ යටිතල පහසුකම්, 10) ආදායම් අසමානතාවය අඩු කිරීම, 11) ආරක්ෂිත, ඔරොත්තු දෙන තිරසාර නගර සහ ප්රජාවන් නිර්මාණය කිරීම, 12) තිරසාර පරිභෝජනය සහ භාණ්ඩ නිෂ්පාදනය සහතික කිරීම, 13) පාරිසරික තිරසාර බව සහතික කිරීම, 14) ජලය යට ජීවින් ආරක්ෂා කිරීම, 15) ගොඩබිමට ඉහළ ජීවින් ආරක්ෂා කිරීම, 16) සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන ප්රවර්ධනය කිරීම, 17) තිරසාර සංවර්ධනය සඳහා ගෝලීය හවුල්කාරිත්වය වර්ධනය කිරීම.
ක්රමවේදය
ඉස්ලාමීය නීතිය යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක විශ්ලේෂණය කිරීම මෙම පර්යේෂණයේ අරුමණ වේ. අදාල ඉස්ලාමීය නීති පද්ධතිය සහ ජාත්යන්තර ආඥා යටතේ සමාජ, සංස්කෘතික, ආගමික, ජාත්යන්තර හා ඓතිහාසික සන්දර්භය සොයා ගැනීමේ වැදගත්කම හඳුනා ගැනීම සඳහා ගුණාත්මක ක්රමවේදයක් තුළ මෙම විශ්ලේෂණය මුල් බැස ඇත. මෙම අධ්යයනය සිදු කරනු ලබන්නේ කුර්ආනයේ වැකි සහ මුහම්මද් නබිතුමන්ගේ හදීස් සම්හාරය යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක විශ්ලේෂණය කිරීම සඳහා සමාජයේ අභිවෘද්ධිය සඳහා වෛෂයික අදහස් අධ්යයනය කිරීම හා විස්තාරණය කිරීම සඳහාය. එබැවින් කුර්ආනය සහ මුහම්මද් නබිතුමන්ගේ සුන්නාව යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉස්ලාමීය නීතිය සමඟ විශ්ලේෂණය කිරීම, සමාලෝචනය කිරීම හා සංසන්දනය කිරීමට මෙම අධ්යයනය අපේක්ෂා කරයි.
ප්රතිඵල හා සාකච්ඡා
ඉස්ලාමීය නීතිය යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක
ඉස්ලාමීය නීතිය වනාහී මහා දාබර අල්ලාහ් දෙවියන් විසින් අවසාන දේව පණිවිඩකරු මුහම්මද් තුමන්ට එලොව හා මෙළොවෙහි මිනිසාගේ උන්නතිය උදෙසා හෙළිදරව් කරන ලදී. ශුද්ධ කුර්ආනය සහ මුහම්මද් නබිතුමන්ගේ සුන්නාව ඉස්ලාමීය නීතියේ ප්රධාන මූලාශ්‍ර ද්විත්වයයි. මහා දයාබර අල්ලාහ් පවසන පරිදි අල්ලාහ්ගේ එකම ආගම ඉස්ලාමයයි,
අල්ලාහ් මෙසේ පවසයි:
නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙත පිළිගැනීම ඇති ධර්මය ඉස්ලාමයයි (සුරා ආල ඉම්රාන් 19)
අල්ලාහ් මෙසේ පවසයි::
තවද කවුරුන් හෝ ඉස්ලාමය නොවන්නක් ආගම ලෙසින් පැතුවහොත් එය ඔහුගෙන් පිළිනොගැනෙනු ඇත (සුරා ආල ඉම්රාන් 85)
මිනිසාගේ හැසිරීම පිළිබඳ ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි ඇදහිල්ල, චරිතය, වැඳුම්, ගනුදෙනු, අපරාධ ක්රියා සහ ඒ සඳහා වන දඬුවම් ආදි ලෙස වර්ගීකරණය කර ඇත. මුහම්මද් තුමන් සිය කියමන්, ක්රියා සහ එතුමන්ගේ සගයන්ගේ ක්රියා නිහඬව අනුමත කිරීම ආදියෙන් ශුද්ධ කුර්ආනයේ වැකිවලට අර්ත නිරූපණය ලබා දුන්නෝය (කමාලි, 2003).
ලෝකයේ අඛණ්ඩ තිරසාරභාවය සහ ආර්ථික වර්ධනය සඳහා 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක අත් කර ගත යුතුය. ඉස්ලාමීය නීතියද ලෝකයේ අඛණ්ඩ තිරසාර බව ළඟා කර ගැනීම සඳහා නිසි ආර්ථික ක්රමයක් සැපයීම මගින් ආර්ථික වර්ධනය අවධාරණය කරයි. ඉස්ලාමීය නීතියේ අරමුණුවලට 1) ආගම ආරක්ෂා කිරීම, 2) ජීවිතය ආරක්ෂා කිරීම, 3) බුද්ධිය/දැනුම ආරක්ෂා කිරීම, 4) පරම්පරාව ආරක්ෂා කිරීම සහ 5) ධනය සුරැකීම ආදිය ඇතුලත් වෙයි (කමාලි, 2008 චප්රා සහ කණ්ඩායම 2008 ). එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක හා මුහම්මද් තුමන්ගේ හදීස් සමග ශුද්ධ වූ කුර්ආනය අධ්යයනය කරන විට වසර 1400 කට පෙරම තිරසාර සංවර්ධන ඉලක්ක ගැන ඉස්ලාමය අවධාරණය කර ඇති ආකාරය පැහැදිලි වෙයි.
තිරසාර සංවර්ධන ඉලක්ක සාමාජික රටවල් පහත සඳහන් කරුනු අවධාරණය කරයි:
1) ප්රචණ්ඩත්වය අවම කිරීම, ගැටුම් නිරාකරණය කිරීම, නීතියේ ආධිපත්යය ශක්තිමත් කිරීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම තුළින් සාමය සහ යුක්තිය ඉටු කිරීම සහ ශක්තිමත් ආයතන පිහිටුවීම.
2) ස්ත්රී පුරුෂ භාවය, ජාතිය හෝ උපන් ස්ථානය අනුව වන වෙනස්කම් කිරීමකින් තොරව සියල්ලන් ඇතුලත් කිරීම තුළින් ආර්ථික වර්ධනය මගින් අසමානතාවය අඩු කිරීම
3) ලිංගික හිංසනය තුරන් කිරීමෙන් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ කොන්කිරීම් සහ අපයෝජනය නිම කිරීම
4) ඒඩ්ස්, මැලේරියාව, ක්ෂය රෝගය වැනි දරුණු රෝග සුව කිරීමෙන් ගෝලීය සෞඛ්යය සාක්ෂාත් කර ගැනීම සහ ආරක්ෂිත සහ දැරිය හැකි fඔෂධ වර්ගවලට සැමට ප්රවේශය ලබා දීම
5) ස්ත්රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය සහ ධනයේ විෂමතාවය ඉවත් කිරීමෙන් සැමට ගුණාත්මක අධ්යාපනයක් ලබා දීම
6) දැරිය හැකි පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව සඳහා සැමට ප්රවේශය ලබා දීම.
7) දැරිය හැකි විදුලිය සඳහා සැමට ප්රවේශය ලබා දීම
8) සුනාමි, භූමිකම්පා, නිවර්තන සුළි කුණාටුව සහ ගංවතුරු ආපදාවලට එරෙහිව කාර්යක්ෂම ආපදා කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම
9) තොරතුරු හා දැනුමට සැමට සමාන ප්රවේශයක් ලබා දීමෙන් යටිතල පහසුකම්, නවෝත්පාදන හා විද්යාත්මක පර්යේෂණ සඳහා ආයෝජන දිරිගන්වීම
10) පරිසර දූෂණය අවම කිරීමෙන් ජලය යට ජීවින් ආරක්ෂා කිරීම
12) ගංගා, කඳු, තෙත්බිම්, වියළි බිම් සහ වනාන්තර ආරක්ෂා කිරීම
13) මුඩුක්කු ඉවත් කර ආරක්ෂිත හා දැරිය හැකි නිවාස, පොදු ප්‍රවාහනය, පොදු හරිත ස්ථාන ආදාය සඳහා ආයෝජනය කිරීම හරහා තිරසාර නගර ඇති කිරීම
14) භාණ්ඩ නිෂ්පාදනය, පරිභෝජනය, අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම සහ ප්රතිචක්රීකරණය කිරීමේ සඵලතායී ක්රමවේද නිර්මාණය කිරීම
15) ලිංගිකත්වය, ජාතිය හෝ ජනවාර්ගිකත්වය මත පදනම්ව වෙනස්කම් කිරීමකින් තොරව සැමට ඵලදායී රැකියා අවස්ථා නිර්මාණය කිරීම
16) පිරිසිදු හා දැරිය හැකි පානීය ජලය, ආහාර සහ සනීපාරක්ෂාව මහජනයාට ලබා දීමෙන් දුගීබව තුරන් කිරීම,
17) දරුවන්ට පෝෂ්යදායී ආහාර ලබා දීමෙන් කුසගින්න හා මන්දපෝෂණය අවසන් කිරීම, ආර්ථික වර්ධනය සඳහා කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ඉඩම්, තාක්ෂණය සහ වෙළඳපොළට සමාන ප්රවේශයක් ලැබීමට ගොවීන්ට සහාය වීම.
18) රජයේ මැදිහත්වීම් අවම කර අපනයන වැඩි කිරීමට, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට උදව් කිරීම මගින් ජාත්යන්තර වෙළඳාම ප්රවර්ධනය කිරීම (බ්ලාංක්, 2015).
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16: ඉස්ලාමීය නීතියේ ආගම ආරක්ෂා කරන හා සාමය, යුක්තිය ශක්තිමත් කරන ආයතන ප්රවර්ධනය කිරීම හා මෙය බැඳේ. ඉස්ලාමය ගොඩනැගී ඇත්තේිසලාම්’ යන මූල වචනයෙන් වන අතර එහි අර්ථය සාමය යන්නයි. එබැවින් ඉස්ලාමයට ඇතුළු වන පුද්ගලයෙකු සාමයට අවතීර්ණ වී සර්වබලධාරී අල්ලාහ්ට අවනත වී ඔහුගේ ආරක්ෂාව යටතේ සිටී. ඉස්ලාමය යුක්තිය ගැන කථා කරන අතර සතුරන් සමඟ පවා සාමයෙන් කටයුතු කරන මෙන් පවසයි. පවුල් ඒකක තුලද සාමය ස්ථාපිත කරන මෙන් අවධාරණය කරන ඉස්ලාම් ධර්මය සිය දරුවන් අතරද සාධාරණ ලෙසින් කටයුතු කරන මෙන් දෙමාව්පියන්ට පවසයි.
පහත සිද්ධිය ආමිර් දන්වා සිටියි:
අන්–නුමාන් බින් බෂීර් මෙසේ පවසයි: මගේ පියා මට තෑග්ගක් දුන්නේය. එනමුත්, අම්රා බින්ට් රාවාහා වන මගේ මව එයට එකග නොවී අල්ලාහ්ගේ දූතයා මේ සඳහා සාක්ෂිකරුවෙකු කරන මෙන් මගේ පියාට කීවාය. ඒ අනුව මගේ පියාද අල්ලාහ්ගේ දූතයා වෙත ගොස්,ිමම මගේ පුතාට තෑග්ගක් දුන්නෙමි. එයට ඔබ සාක්ෂි දරනු මැන’ යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝිඔබ ඒ හා සමාන තෑගී ඔබේ සියලු දරුවන්ට ලබා දුන්නේද? යැයි අසුහ. එයට මගේ පියා නැත යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයානන්ිඅල්ලාහ්ට බිය වන්න. ඔබේ දරුවන් අතර සාධාරණව කටයුතු කරන්න’ යැයි උපදෙස් කළහ. පසුව මගේ පියා මට දුන් තෑග්ග ආපසු ලබා ගත්තේය (සහීහ් අල්–බුහාරි 2587)
තවද අල්ලාාහ් මෙසේ පවසයි:
‘තවත් කෙනෙකුගේ ඝාතණයක් වෙනුවෙන් හෝ පොළොවෙහි කලබල (ඇති කිරීම) සඳහා හෝ හැර (අයුක්ති සහගතව) කවුරුන් (කෙනකුව) ඝාතණය කරන්නේද, ඔහු මුළු මිනිස් සංහතියම ඝාතණය කළ කෙනෙකු මෙන් වේ යැයිද, කවුරුන් (යම්) කෙනෙකුව ජීවත් කරන්නේද ඔහු මුළු මිනිස් සංහතියම ජීවත් කළ කෙනෙකු මෙන් වේ’ යැයිද ඉශ්රායේල්ගේ දරුවන්ට අප නියම කළෙමු. පසුව අපගේ දූතයන් බොහෝ දෙනෙකු නිශ්චය වශයෙන්ම පැහැදිලි සාධක රැගෙන පැමිණ ඇත්තාහ. ඉක්බිති නිශ්චය වශයෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු (එයින්) පසුවද පොළොවෙහි සීමා ඉක්මවමින් යන්නන්වම සිටියහ (සුරා අල් මාඉදා 32)
ඉස්ලාම් ධර්මය ප්රචණ්ඩත්වය දිරි ගන්වන්නේ නැති අතර අයුක්තිසහගතව ප්රචණ්ඩ ක්රියාවල යෙදෙන්නන්ට දැඩි දඬුවම් පනවයි. අල්ලාාහ් මෙසේ පවසයි:
අල්ලාහ් සමග හා ඔහුගේ දූතයා සමග සටන් වැද පොළොවෙහි කලබල ඇති කරමින් සැරිසරන්නන්ට හිමි දඬුවම වන්නේ ඔවුන් මරණු ලැබිය යුතුය, නැතිනම් කුරුසියේ ඇන ගසනු ලැබිය යුතුය (එසේත්) නැතිනම් ඔවුන්ගේ අත් හා කකුල් මාරුවෙන් කපනු ලැබිය යුතුය හෝ රටින් පිටුවහල් කරනු ලැබිය යුතුය යන්නයි. මෙය ඔවුන්ට ලොව නින්දාව ගෙන දෙන්න(ාවූ දඬුවම)ක් වන අතර එලොවද ඔවුන්ට දැවැන්ත හිංසනයක් ඇත. (නමුත් ඔවුන්) ග්රහණය කර දඬුවම් කිරීමට ඔබ පොහොසත් වන්නට පෙර පසුතැවිලි වූවන් හැර. අල්ලාහ් නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා කරන්නාය හා දයාබරයාය යැයි ඔබ දැන ගන්න (සුරා අල් මාඉදා 33 සහ 34)
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 ගැටුම් සමතයකට පත් කිරීම ගැන අවධාරණය කරන අතර ඉස්ලාමයද මෙය නිර්දේශ කරයි
අල්ලාහ් මෙසේ පවසයි:
විශ්වාස කළවුන් අතර පිරිස් දෙකක් තමන් අතර කලහ කර ගතහොත් ඔවුන් අතර සාමය ඇති කරන්න. පසුව ඔවුන්ගෙන් එක් පිරිසක් අනෙක් පිරිසට සීමාව ඉක්මවා ගියහොත් ඔවුන් අල්ලාහ්ගේ අණසක කරා එන තෙක් සීමාව ඉක්මවූවන් සමග යුධ කරන්න. එ(ම සීමාව ඉක්මවන උදවි)ය ආපසු පැමිණියහොත් එදෙපිරිස අතර යුක්තිය මගින් සාමය ඇති කරන්න. ඔබ යුක්තිසහගතවම ක්රියා කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුකයන් ප්රිය කරන්නේය (සුරා අල් හුජුරාත් 9)
විරසක වී සිටින සැමියා හා බිරිය අතරද සන්ධානය ඇති කරන මෙන් අල්ලාහ් නියෝග කරයි:
තවද (සැමියා හා බිරිඳ) දෙදෙන අතර අසමගියක් ඔබ බිය වුවහොත්, එවිට ඔහුගේ පාර්ශවයෙන් එක් මැදිහත්වන්නෙකුවද, ඇයගේ පාර්ශවයෙන් එක් මැදිහත්වන්නෙකුවද (සමතය ඇති කිරීම සඳහා) යවන්න. ඔවුන් (අවංකව) සමගිය පැතුවහොත්, අල්ලාහ් ඔවුන් එකමුතු කරන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සර්වඥයා හා සංවේදියා වන්නේය (සුරා අන්නිසා 35)
අල්ලාහ් මෙසේ පවසයි:
එක් ස්ත්රියක් සිය සැමියාගෙන් ද්වේෂය හෝ අත්හරිනු ලැබීම(ක් ඇති වෙතැයි) බිය වුවහොත් එවිට ඔවුන් දෙදෙන අතර සාමයක් ඇති කර ගැනීම පිළිබඳ ඔවුන් දෙදෙනට වරදක් නැත. සාමයම ඉතා උසස් වන්නේය. (නිතැතින්ම) සිත් නැඹුරු වන්නේ මසුරුකමටය. තවද ඔබ නොමසුරු අයෙකුව හා (අල්ලාහ්ට) බියබැතිද වූයේ නම්, නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දේ පිළිබඳ සංවේදියාව සිටින්නේය (සුරා අන්නිසා 128)
මහජන සුබසාධනය සඳහා ආයතන පිහිටවිය යුතුය යැයි මුස්ලිම් රජයන්ට ඉස්ලාමය අවධාරණය කරයි.
අල්ලාහ් මෙසේ පවසයි:
ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ට පොළොවෙහි (පාලන) හැකියාව ඇති කර දුනහොත් ඔවුන් සලාතය (නිසි පරිදි) ඉටු කරන්නෝය. සකාතයද දෙන්නෝය. යහපත අණ කර නපුරෙන් වළක්වන්නෝය. තවද සියළුම කාරියන්හි අවසානය ඇත්තේ අල්ලාහ් වෙතමය (සුරා අල් හජ් 21)
ඉස්ලාමීය නීතිය යහපත උනන්දු කිරීම හා නපුර තහනම් කිරීම අවධාරණය කරයි. ඒ අනුව දෙවන කාලිෆා උමර්ගේ පාලන සමයේදී වෙනම ආයතනයක් මේ සඳහා පිහිටුවන ලදී. මෙය හිස්බා යැයි හැඳින්වූ අතර එහි ප්රධානියා මුහ්තාසිබ් (ඔම්බුඩ්ස්මන්) ලෙස හැඳින්වේ. උමර්ගේ පාලන සමයෙහි මුහම්මද් බින් මුස්ලිමා පළමු ප්රධාන මුත්තසිබ් විය. හිස්බා යනු ෆෙඩරල් රජය විසින් නිර්මාණය කළ යුතු දෙපාර්තමේන්තුවක් වන අතර එහිදී ෆෙඩරල් මට්ටමින් ප්රධාන මුහ්තාසිබ්වරයෙක් සිටිනු ඇත. මහජනයාට නොපමාව යුක්තිය ඉටු කිරීම සඳහා ප්රාන්තයේ විවිධ ප්රදේශවල මුහ්තාසිබ්වරු සිටිති (ඉස්ලාහි, 2006). මුහ්තාසිබ්ගේ රීති උපුටා ගෙන ඇත්තේ කුර්ආනයේ වැකිවලින් වන අතර, මහා දයාබර අල්ලාහ් පවසන්නේ යහපත් මිනිසුන් සැමවිටම යහපත් දේ කිරීමට මිනිසුන්ව ධෛර්යමත් කරන බවත් මිනිසුන් වැරදිවලින් වළක්වන බවත්ය (සුරා ආල ඉම්රාන් වැකිය104. සුරා යුනුස් වැකිය 71)
මුහම්මද්තුමනf මෙසේ පැවසුහ:
‘ඔබ වැරදි ක්රියාවක් දුටු විට එය ඔබගේ අතින් වළක්වන්න. එසේ කරන්නට ඔබ අපොහොසත් නම් එය වචනයෙන් වළක්වන්න. එයටත් ඔබ අපොහොසත් නම් එම ක්රියාව ඔබගේ සිතින් හෝ පිළිකුල් කරන්න. එසේ වුවද එලෙසින් (කිසිවක් නොකර සිතින් පමණක් පිළිකුල්) කිරීම විශ්වාසයේ පහත්ම අඩියකි’(සහීහ් මුස්ලිම් 186)
තිරසාර සංවර්ධන ඉලක්ක 10 අසමානතාවය තුරන් කිරීම ගැන සඳහන් කරන අතර තිරසාර සංවර්ධන ඉලක්ක අංක 5 ස්ත්රි පුරුෂ සමානතාවය හා ස්ත්රීන් බලගැන්වීම අවධාරණය කරයි. මෙය ආගම් ආරක්ෂා කිරීම යටතේද සඳහන් වෙයි. ඉස්ලාමයද මෙය අවධාරණය කරයි. නීතිය ඉදිරියේ ස්ත්රී පුරුෂ දුප්පත් පොහොසත් වෙනස්කම් සැලකිල්ලට ගත නොහැක යැයි කුර්ආනය පවසයි.
අල්ලාහ් මෙසේ පවසයි:
විශ්වාසවන්ත පුරුෂයින්ද විශ්වාසවන්ත ස්ත්රීන්ද ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට සුමිතුරුන් වෙති. ඔවුන් (අනුන්ට) හොඳ දේ කරන මෙන් අණ කර නරක දෙයින් වළක්වන්නෝය. තවද වන්දනය ඉටු කර සකාතයද දෙන්නෝය. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාටද අවනතද වන්නෝය. අල්ලාහ් දයාව දක්වන්නේ මොවුන්ටමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය ඥාණාන්විතයාය. විශ්වාසවන්ත පුරුෂයින්ටද විශ්වාසවන්ත ස්ත්රීන්ටද එහි පහළින් ගංගා ගලා බසින ස්වර්ගයන් (ඇති බව) අල්ලාහ් පොරොන්දු වූයේය. ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය. අද්න් (නම් වන ස්වර්ගයෙ)හි උයන්වල පවිත්රවූ වාසයද (ඔවුන්ට අල්ලාහ් පොරොන්දු වූයේය. (මේ සියල්ලටම වඩා) අල්ලාහ්ගෙන් වූ සන්තෘප්තිය අති දැවැන්තය. විශිෂ්ඨතම ජය වනුයේ මෙයමය (සුරා අත්තව්බා 71 සහ 72)
ඉස්ලාමීය නීතිය මගින් සමලිංගියන් ද්වීලිංගිකයන් සහ සංක්රාන්ති ලිංගිකයින්ගේ ලිංගික අයිතිවාසිකම් හඳුනාගෙන ආරක්ෂා නොකරන බව සඳහන් කළ යුතුය. ඉස්ලාමීය නීතියට අස්වාභාවික රාගය සඳහා ඉඩක් නැත. එබැවින් ශුද්ධ වූ අල් කුර්ආනය සහ මුහම්මද් තුමන්ගේ සුන්නාව තුළ ඉහත ආකාරයේ විකෘති කායික වින්දන සඳහා දැඩි දඬුවම් පනවනු ලැබේ. එනමුත් ස්වාභාවිකවම ලිංගික අඩුපාඩු සහිතව උපන් නපුංසක කොටස්වල අයිතිවාසිකම් ඉස්ලාමය ආරක්ෂා කරයි. (සුනන් අබු දාවුද් 4462)
හිමිකම් ලබා ගැනීමට හා සිය වගකීම් ඉටු කරන්නට මිනිසාට දැනුම අවශ්‍ය වෙයි. ඉස්ලාමය මෙම දැනුම ලබා ගන්නා මෙන් අවධාරණයෙන් පවසයි. ස්ත්රී පුරුෂ බව, ජාතිය, ආගම හෝ උපන් ප්රදේශය රට ආදිය මත මිනිසුන්ට වෙනස්ව සැලකීම තිරසාර සංවර්ධන ඉලක්ක මගින් අවම කිරීමට අපේක්ෂා කරනු ලැබේ. එසේම කෙනෙකුගේ ධනය අනුව ඔහුට නීතිය හමුවේ වැඩි සැලකිල්ලක් ලබා දීම ඉස්ලාමයද තරයේ ප්රතික්ෂේප කරයි.
අල්ලාහ් මෙසේ පවසයි:
පුරුෂයින් ඔවුන් ඉපැයූ දෙයෙහි ඔවුන්ට (හිමි) කොටස ඇත. (එමෙන්ම) ස්ත්රීන්ට ඔවුන් ඉපැයූ දෙයෙහි ඔවුන්ට (හිමි) කොටසද ඇත. තවද අල්ලාහ් වෙතින් ඔහුගේ ආශීර්වාදය යදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ ගැන දන්නාය (සුරා අන්නිසා 32)
අල්ලාහ් මෙසේ පවසයි:
මිනිසුනි නිශ්චය වශයෙන්ම අප ඔබව එක් පුරුෂයෙක් හා එක් ස්ත්රියකින් මැවුවෙමු. තවද ඔබ එකිනෙකා හඳුනාගනු පිණිස ඔබව ජාතීන් හා ගෝත්‍ර බවට පත් කළෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙත ඔබ අතුරින් උසස් වනුයේ බියබැතියන්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මනාව දන්නාය සංවේදියා (සුරා අල් හුජුරාත් 13)
මුහම්මද්තුමන් සිය අවසාන දෙසුමෙහි මෙසේ පැවසුහ: අරාබි නොවන්නෙකු අරාබි ජාතිකයෙකුට වඩා උසස් නොවන අතර අරාබි ජාතිකයෙකු අරාබි නොවන්නෙකුට වඩා උසස් නොවේ. එමෙන්ම සුදු මිනිසා සහ කළු මිනිසා එකෙකු අනෙකාට වඩා උසස් හෝ පහත් නොවේ. අල්ලාහ්ගේ දසුනේ උසස් වන්නේ බියබැති බවින් වැඩි තැනැත්තාය (මුස්නද් අහද් ඉබ්න් හන්බල් 24204).
ලිංගික හිංසනය තුරන් කිරීම මගින් කාන්තාවන්ට වෙනස් කොට සැලකීම සහ ඔවුන් අපයෝජනය කිරීම ඉස්ලාමය තුරන් කරයි. දුරාචාරයට ඉස්ලාමය දැඩි දඬුවම් නියම කරන අතර ස්ත්රියකට එරෙහිව එවැනි චෝදනාවක් කරන විට යහපත් කල්ක්රියාව ඇති සාක්ෂිකරුවන් සිව් දෙනෙකු අනිවාර්්‍ය වෙයි. මෙම විෂයයෙහි අසත්‍ය සාක්ෂි කියන්නන්ට කස පහඑවල් 80 ක් ගසන්නට ඉස්ලාමීය නීතිය නියම කරයි. එමෙන්ම එවැන්නන් පසුතැවිලි වී සමාව ඉල්ලුවොත් මිස ඔවුන්ගෙ සාක්ෂික මතු කිසිවිටෙක බාර ගනු නොලැබේ (මුක්තාර්, 2016).
අල්ලාහ් මෙසේ පවසයි:
(විවාහ නොවූවන් අතර වන) දුරාචාරයේ හැසිරෙන්නියන් හා දුරාචාරයේ හැසිරෙන්නන් යන දෙදෙනාටම කස පහර සියය බැගින් ගසන්න. ඔබ අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන්නේ නම් අල්ලාහ්ගේ ධර්මයේ (විෂයයෙහි) ඔවුන් වෙනුවෙන් සානුකම්පාව ඔබව ග්රහණය නොකරත්වා. තවද ඔවුන්ගේ වේදනාව විශ්වාසිකයන්ගෙන් පිරිසක් (පැමිණ) බලත්වා. දුරාචාරයේ හැසිරෙන්නා (තවත්) දුරාචාරයේ හැසිරෙන්නියක් හෝ මුෂ්රික්වරියක්ව මිස (අන් කෙනෙකුව) විවාහ කරගන්නේ නැත. (එමෙන්ම) දුරාචාරයේ හැසිරෙන්නී (වන) ඇයව දුරාචාරයේ හැසිරෙන්නෙකු නැතිනම් මුෂ්රික්වරයෙකු හෝ මිස (අනේ කෙනෙකු) විවාහ කර ගන්නේ නැත. තවද මෙය විශ්වාසිකයන්ට තහනම් කරනු ලැබ ඇත (සුරා අන්නුර් 2 සහ 3)
අල්ලාහ් මෙසේ පවසයි:
තවද පතිණියන්ට එරෙහිව අපවාද නගා පසුව එය සඳහා සාක්ෂි හතරක් නොගෙනා එවැන්නන්ට කස පහර අසූවක් ගසන්න. තවද (එයින් පසුව) ඔවුන්ගේ සාක්ෂිය කිසිවිටෙක පිළි නොගන්න. තවද එවැන්නන් පාපතරයන්ය. පසුව පසුතැවිලි වී (තමන්) නිවැරදි කරගත්තවුන් හැර. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නාය පරම දයාබරයාය.තවද සිය බිරියන්ට චෝදනා කර (එය සඳහා) තමන් හැර ඔවුන්ට වෙනත් සාක්ෂි නොමැත්තවුන්ගෙන් කෙනෙකුගේ සාක්ෂිය වනුයේ ‘නිශ්චය වශයෙන්ම මා සත්යවන්තයෙන්ගෙන් කෙනෙකු වෙමි’යැයි අල්ලාහ් මත සිව් වරක් දිවුරා කීමය. තවද පස් වැනි වරටිතමා බොරු කියන්නන්ගෙන් කෙනෙකුව සිටින්නේ නම් අල්ලාහ්ගේ ශාපය තමාට ඇති වේවා’ යැයිද (ඔහු කිව යුතුය).තවද (ඔහුගේ බිරිය)ිනිශ්චය වශයෙන්ම ඔහු බොරුකාරයන්ගෙන් සිටින්නෙකි’ යැයි අල්ලාහ් මගින් සිව් වරක් (දිවුරා) ඇය කීම ඇය වෙතින් දඬුවම ඉවත් කරනු ඇත. තවද පස්වැනි වරටිඔහු මෙම විෂයයෙහි සත්යවන්තයන්ගෙන් කෙනෙකුව සිටියි නම් තමා මත නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ කෝපය ඇති වේවා’(යැයි ඇයද කිව යුතුය). අල්ලාහ්ගේ දායාදය හා දයාව ඔබ මත නොතිබුනේ නම් (ඔබට විනාශය ඇති වී තිබෙනු ඇත). නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාකරන්නාය ඥාණාන්විතයාය (සුරා අන්නුර් 4-10)
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 6 ඒඩ්ස්, මැලේරියාව, ක්ෂය රෝගය ඇතුලු දරුණු හා මාරාන්ත්ක රෝග සුව කිරීම සඳහා සැමට දැරිය හැකි fඔෂධ හා ප්රතිකාරවලට ප්රවේශය තිබිය යුතුය යැයි සඳහන් කරන අතර ඉස්ලාමයද මුස්ලිම් රජයක් තම සියලු වැසියන්ට මෙම සේවා ලබා දිය යුතුය යැයි අවධාරණය කරයි. මුහම්මද් තුමන් මෙසේ පැවසුහ:
විශ්වාසයෙන් දුබල තැනැත්තාට වඩා විශ්වාසයෙන් ප්රබල තැනැත්තා උසස් වන අතර අල්ලාහ් වැඩියෙන් ප්රේම කරන්නේ ඔහුටය. එනමුත් දෙදෙනාම යහපත් අයම වෙති. ඔබට ප්රයෝජනවත් වන දේ පිළිපදින්න. නොකඩවා අල්ලාහ්ගෙන් උදව් පතන්න. ඔබට යම් ගැහැටක් ඇති වු විටිමා එසේ නොකරන්නට තිබුනි හෝ අහවල් දෙය කරන්නට තිබුනි’ ආදි වශයෙන් නොකියන්න. එසේ කීම වඩාත් නපුරු සිතුවිලිවල ද්වාරය විවෘත කරනු ඇත. එනිසාිසියල්ල අල්ලාහ්ගේ සිතැගි පරිදිම සිදුවිය’ යැයි පමණක් කියන්න (සහීහ් මුස්ලිම් 6954).
උස්මාන් ඉබ්නු ෂාරික් මෙසේ දන්වයි:
මා නබිතුමන් හමු වන්නට ගියෙමි. එවිට නබිතුමන්ගේ සගයන් තමන්ගේ හිස මත පක්ෂීන් සිටිනා ලෙසින් නොසෙල්වී (නබිතුමන් කියන දෙයට ඉතා ඕනෑකමින් සවන් යොමා) වාඩි වී සිටියහ. එවිට එඬෙර අරාබින් කිහිප දෙනෙකු පැමිණිඅල්ලාහ්ගේ දුතයිනි, අපට වෛද්‍ය ප්රතිකාර ලබා ගන්නට අවසර තිබේද?’ යැයි ඇසුහ. එයට නබිතුමන්ිඔව් වෛද්‍ය ප්රතිකාර ලබා ගන්න. එයට අදාල ප්රතිකාරයද (fඔෂධය) පහළ නොකර අල්ලාහ් කිසිදු රෝගයක් ලොවට එවුවේ නැත’ යැයි පැවසුහ.(සුනන් අබු දාවුද් 3855)
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 4 කිසිදු වෙනස්කීරීම්වලින් තොරව ජීවිත කාලය පුරා සැමට එක සමානව ලැබිය හැකි ගුණත්ම බාවයෙන් යුත් අධ්යාපනය ගැන සඳහන් කරන අතර මෙය ඉස්ලාමීය නීති පද්ධතියේ ජීවිත සංරක්ෂණය කිරීම පරම්පරාව යටතේ අවධාරණය කර ඇත (කාලිද් 2006) තවද ඉගැනීමේ වැදගත්කම ඉස්මතු කරමින් මුහම්මද්තුමන්ට අනාවරණය කළ පළමු කුර්ආන් වචනය ලෙසින් පහළ කරන ලද්දේ ඉක්රඃ (කියවන්න) යන වචනයයි. (සුරා අල් අලක් වැකිය 1)
අල්ලාහ් මෙසේ පවසයි:
විශ්වාස කළවුනි සභාවල එහා මෙහා වී ඉඩ ඇති කර දෙන්න යැයි ඔබට පවසනු ලැබුහොත් (එසේ) ඉඩ ලබා දෙන්න. අල්ලාහ් ඔබට ඉඩ දෙනු ඇත. එමෙන්ම නැගිටින්න යැයි පවසනු ලැබුවහොත් වහාම නැගිට සිටින්න. තවද ඔබ අතර විශ්වාස කළවුන්ට හා දැනුම දෙනු ලැබුවන්ටද අල්ලාහ් තනතුරු උසස් කරනු ඇත. ඔබ කරන දෙය ගැන අල්ලාහ් සංවේදියාය (සුරා අල් මුජාදිලා 11)
මුහම්මද් තුමන්ද ‘මාගේ හිමියනි මගේ දැනුම වැඩි කරනු මැන’යන කුර්ආන් වැකිය (සුරා තාහා වැකිය 114) නිතරම පාරායණය කරන්නෙකුව සිටියහ. තවද මුහම්මද්තුමන් මෙසේ පැවසුහ:
යමෙක් දැනුම ලබාගන්නා මාර්ගයේ ගමන් කරන්නේ නම් අල්ලාහ් ඔහුව ස්වර්ගයට යන මාර්ගවලින් එකක් මත ගමන් කර0වන්නේය. දැනුම සොයන කෙනෙකු වෙනුවෙන් දේවදූතයන් තම පියාපත් පහත් කරනු ඇත. අහසේ හා පෘතුවියේ ජීවීන්ද මුහුදේ මතශ්යයන්ද ඔහු වෙනුවෙන් සමාව අයදිනු ඇත. අන් යහපත් මිනිසුන්ට වඩා දැනුම ඇත්තාගේ උදාහරණය තරු අතර ඇති පිරිපුන් සඳ වැනිය. උගතුන් නබිවරුන්ගේ උරුමක්කාරයන් වන අතර නබිවරුන්ට දැනුමේ හිමිකරුවන් මිස ඔවුන්ට දිනාර් හෝ දිර්හම් හිමි නැත. දැනුම සොයන්නා වටිනා දෙයක් සොයන්නෙකි (සුනන් අබු දාවුද් 3641).
දැනුම වර්ධනය කර නපුර වැළකීම සැම රජයකම ප්රධාන වගකීම් වන බව නොකිව මනාය. මේ සඳහා මුස්ලිම් රාජ්යයන් සකාත් එක්රැස් කළ යුතුය. සකාත් ගෙවීම ඉස්ලාමයේ ප්රධාන කුළුණක් වන අතර එය පැහැර හරින හෝ ප්රතික්ෂේප කරන මුස්ලිම්වරයා නියම විශ්වාසිකයෙකු නොවේ.
අල්ලාහ් මෙසේ පවසයි:
එහෙයින් ඔවුන් (සිය වැරදි වලට) පසුතැවිලි වී (එයින්) ඉවත් වී (ඉස්ලාමය පිළිගෙන) වන්දනය ඉටු කර සකාත්ද දුනහොත්, එවිට ඔවුන් ඔබගේ ධර්මයේ සොහොයුරන් වන්නෝය. තවද නුවණ ඇති සමූහයාට අපගේ වැකි (මෙලෙසින්) විස්තර කරන්නෙමු (සුරා අත් තව්බා 11)
අල්ලාහ් මෙසේ පවසයි:
තවදිකුමක් වියදම් කළ යුතු දැයි ඔවුන් ඔබගෙන් අසති. ‘(ඔබ වියදම් කළ යුත්තේ) අතිරික්ත දෙය’ යැයි ඔබ පවසන්න. මෙලෙසම අල්ලාහ් සාධක පැහැදිලි කරයි. (එමගින්) ඔබ සිතා බලා වටහා ගන්නට හැකිය (සුරා අල් බකරා 219)
සැමට සමාන අධ්යානය ලබා දීමේ තවත් විකල්පයක් නම් වක්ෆ් නම් වන භාරකාර අරුමුදල් පිහිටුවීමයි.
අල්ලාහ් මෙසේ පවසයි:
ඔබ ප්රිය කරන දෙය වියදම් කරන තුරු ඔබ කුසල් නොලබන්නෙහුය. තවද ඔබ කුමක් වියදම් කරන්නේද ඒ පිළිබඳ අල්ලාහ් මනාව දන්නාය (සුරා අන්නිසා 92)
මුහම්මද් තුමන් මෙසේ පැවසුහ:
කෙනෙකු මරණයට පත් වන විට ඔහුගේ ක්රියා (සඳහා කුසල් සටහන් කිරීම)ද නැවතේ. එනමුත් කරුණු තුනකින් ඔහුට කුසල් ලැබීම නොනවතී. ඒවා නම් දිගටම සිදුවන පුණ්‍ය කර්මය, ඔහු කෙනෙකුට කියා දුන් දැනුම හා ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරන දරුවා (සහීහ් මුස්ලිම් 7/55)
තවද අතිරික්කත ධනය කෙනෙකු දන් දිය යුතුය හෝ ණයට දිය යුතුය යැයිද මුහම්මද්තුමන් පැවසුහ (සහීහ් මුස්ලිම් 1573) කයිබරයෙහි උමර්ට ඉඩම් කැබැල්ලක් ලැබුනු විට ඔහු නබිතුමන් වෙත පැමිණ එම ඉඩම සම්බන්ධයෙන් තමා කුමක් කළ යුතුද යැයි විමසුහ. එය පුණය කර්මයක් සඳහා ඔබ කැමති නම් යෙදයි හැකිය යැයි නබිතුමන් කීහ. එවිට උමර් එම ඉඩම පුණ්‍ය කටයුතු සඳහා පැවරීය. එය කිසි විටෙක අලෙවි කළ නොහැක යැයිද, තෑගි කළ නොහැත යැයිද, තවත් කෙනෙකුට පැවරිය නොහැක යැයිද, එයින් ලැබෙන ආදායම දුගීන් මගනීන් ආගන්තුකයින් හා වහලුන් නිදහස් කිරීම වෙනුවෙන් පමණක් වැය කළ යුතුය යැයිද එහි පරිපාලකයන් ධනවත් වීමේ අරමුණ රහිතව සාධාරණ වැටුපත් ලබා ගත හැකිය යැයිද ඔවුන්ගේ මිතුරන්ට එමගින් සංග්රහ කළ හැකිය යැයිද උමර් වැඩිදුරටත් කොන්දේසි පැනවීය (සහීහ් අල් බුහාරි 2772)
පොලිය වැනි අන් අයට අවාසිදායක ක්රමවේද රහිතව ආර්ථික කටයුතු සිදු කිරීමට ඉස්ලාමීය නීතිය අවසර දෙන අතර පොලිය තහනම් කර වෙළෙඳාම හා ආයෝජනය අනුමත කරයි. එමෙන්ම සුදුවේ ස්වරූපය ඇති අවිනිශ්චිතතාවය සහිත වෙළඳ ගනුදෙනුද ඉස්ලාමය තහනම් කරයි.
දුප්පත්කම තුරන් කිරීම සහ සමාජයේ අගහිඟකම් ඇති අයට උපකාර කිරීම සඳහා වන ඉස්ලාමීය මුලෝපාය වන්නේ අනිවාර්ය සකාත් දීමනාවයි. වසරක් සම්පූර්ණ වීමෙන් පසු ඉතිරි වන වත්කම්වලින් 2.5% ක් ගෙවීම ධනවතුන්ට අනිවාර්ය වේ. පොදුවේ ගත් කල, ඉස්ලාමීය නීතියේ සියලු වර්ගවල පුණ්‍ය කටයුතු සඳහා සදකා යන වචනය භාවිතා වන අතර එහි බහු වචනය සදකාත් වේ. සකාත් යන්නෙහි තේරුම පවිත්‍ර කිරීම සහ වසරක් සම්පූර්ණ වූ පසු නිශ්චිත ධනය පිරිසිදු කිරීම ලෙස අර්ථ දැක්වීමයි. (1) දුප්පතුන්, (2) තම අවශ්යතා සපුරාලීමට ප්රමාණවත් ආදායමක් නොමැති අය (3) සකාත් එකතු කිරීමේ සේවයේ නියුතු අය (4) අළුතෙන් ඉස්ලාමය වැළඳ ගත් අය (5) නිදහස පතන වහලුන්, (6) ණය බරින් පීඩිත වී සිටින්නන් (6) ධර්මය වෙනුවෙන් කැපකිරීම් කරන්නන් සහ (7) මගීන් යන කොටස් හත සකාත් ලැබීමට සුදුසුකම් ඇති පාර්ශව වේ.
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 6 පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව සැපයීම ගැන සඳහන් කරන අතර පිරිසිදුකම ගැන ඉස්ලාමයද අවධාරණය කරයි. පිරිසිදුකම විශ්වාසයෙන් අඩක් යැයි මුහම්මද් තුමන් පැවසුහ.
පිරිසිදු හා ආරක්ෂාකාරී ජලය සිය රට වැසියන්ට ලබා දීමේ සෑම රජයකම අනිවාර්ය වගකීමක් වන්නේය. බෝතල්වල ඇසිරු ජලය පානය කළ හැක්කේ ධනවතුන්ට පමණි. මිනිස් සිරුරට පිරිසිදු ජලය අතිශය වැදගත්ය. ජලය යනු ජීවයයි. තිරසාර සංවර්ධන ඉලක්ක මෙය අවධාරණය කරන්නේ එහෙයිනි. එමෙන්ම ආහාරද තිරසාර සංවර්ධන ඉලක්ක අංක 2 යටතේ සඳහන් කර ඇත. මන්දපෝෂනය හා සාගින්න තුරන් කළ හැක්කේ පෝෂ්යජනක ආහාරවලටය. එමෙන්ම නිෂ්පාදනය, පරිභෝජනය, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්රතිචක්රීකරණය ආදිය තිරසාර සංවර්ධන ඉලක්ක අංක 12 යටතේ සඳහන් කර ඇත.
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 7 යටතේ සඳහන් වන දැරිය හැකි නවීන බලශක්තිය අද නැතිවම බැරි පහසුකමකි. විශේෂයෙන් විදුලිය අත්‍යවශ්‍ය පහසුකමක් වන අතර අත්‍යවශ්‍ය දේ සඳහා ඉස්ලාමීය නීතිය යටතේ මුස්ලිම් රජයකට බදු අය කළ නොහැක. ඒ අනුව මෙවන් පහසුකම් ලබා දිය යුත්තේ සැමට දැරිය හැකි මිලකටය හා බදු විරහිතවය. බදු පැනවිය හැක්කේ සුඛෝපභෝගී භාණ්ඩ හා සේවාවන්ට පමණක් යනු ඉස්ලාමීය ස්ථාවරයයි.
අල්ලාහ් මෙසේ පවසයි:
(ඕ මුහම්මද්)ත්වග කුමක් වියදම් කළ යුතු දැයි ඔවුන් ඔබගෙන් අසති.ි(ඔබ වියදම් කළ යුත්තේ) අතිරික්ත දෙයය’ යැයි ඔබ පවසන්න. මෙලෙසම අල්ලාහ් සාධක පැහැදිලි කරයි. (එමගින්) ඔබ සිතා බලා වටහා ගන්නට හැකිය (සුරා අල් බකරා 219)
තිරසාර සංවර්ධන ඉලක්ක අංක 15 යටතේ ගංගා, කඳු, වනාන්තර ආදිය ජීවින් වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බව සඳහන් වන අතර එය යටතේ ආපදා කළමනාකරණ යාන්ත්රණ ගැනද අවධාරණය කර ඇත. තවද දිය යට ජීවීන් හා පරිසර සංරක්ෂණය ගැන තිරසාර සංවර්ධන ඉලක්ක අංක 13 සහ 14 සඳහන් කර ඇත. මිනිසුන් ඇතුලු සියලුම ජීවින් ආරක්ෂා කිරීමට අනාගතයේදී ඇති විය හැකි විභව අනතුරු ආපදා තර්ජනවලට එරෙහිව රජයන් කාර්්යක්ෂම ලෙසින් සුදානම් විය යුතුය යැයි ඉස්ලාමීය නීතියද අවධාරණය කරයි
මුහම්ද්තුමන් මෙසේ පවසුහ::
ගමනක යෙදී සිටි මිනිසෙකු ළිධක් දැක එයින් ජලය පානය කළේය. එවිට පිපාසයෙන් පෙළෙන සුනඛයෙකු ළිඳ අසලට පැමිණි ජලය ලබා ගන්නට නොහැකිව හති දමන්නට විය. එය දුටු මිනිසා ළිඳෙන් ජලය ගෙන එම අසරණ සතාට පෙවුවේ. එම කුසල් ක්රියාවෙන් සතුටු වු අල්ලාහ් ඔහුගේ සියළු පව් සමා කළේය
නිගමනය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන :ඹභෘඡ* යටතේ 2000 වසරෙහි නියම කර ගත් සහස්ර සංවර්ධන ඉලක්ක මගින් තිරසාර සංවර්ධන ඉලක්ක අත් කරගැනීම අවධාරණය කර ඇත. ජීවිත සංරක්ෂණය කිරීම, දැනුම වර්ධනය කිරීම, පරම්පරාව හා ධනය ආරක්ෂා කිරීම, යුක්තිය පසිඳලීම, සාමය සෞභාග්ය්ය අධ්යාපනය සෞඛ්‍ය සත්කාරය කාන්තා ඇතුලු මානව හිමිකම් සංරක්ෂණය, කොන්කිරීම මන්දපෝෂණය අසාධාරණය සාගින්න හා දරිද්රභාවය තුරන් කිරීම ආදිය ඇතුලත් මෙම තිරසාර සංවර්ධන ඉලක්ක ගැන 1400 කට පෙරම ඉස්ලාමය අවධාරණය කර ඇත. මේ අනුව ඉස්ලාමීය නීති පද්ධතිය මිනිසාගේ අන් ජීවින්ගේ හා පරිසරයේ සංරක්ෂනය අවධාරණය කරන හා අවශය මගපෙන්වීම් ලබා දෙන අංගසම්පුර්ණ හා වැරදි දැකිය නොහැකි විශිෂ්ඨ නීති මාලාවකි. එය සඳහා මුහම්මද්තුමන් ක්රියාවෙන් ආදර්ශ දැක්වුහ. පසුව පැමිණි එතුමන්ගේ අඩිපාරේ ගමන් කළ කලීෆා සිව් දෙනාද එලෙසින්ම කටයුතු කළහ. මෙම ඉලක්ක ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි සහ මුහම්මද් නබිතුමාගේ හදීස් (එතුමන්ගේ කියුම් ආදර්ශ හා නිහඬ අනුමැති ආදිය) යටතේ මෙලොව හා පරලොව සාර්ථකත්වය අත් කර ගැනීම සඳහා ඉටු කළ යුතු යුතුකම් වේ. ඒ අනුව මානව සංහතියේ උනන්තිය වෙනුවෙන් ඉස්ලාමයද අවධාරණය කරන මෙම තිරාසාර සංවර්ධන ඉලක්ක එලෙසින්ම අනුගමනය කළ යුතුය යැයි අප උදක් ඉල්ලා සිටිමු.