විවෘත මනස

මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (පළමු කොටස)

මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින්  ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (පළමු කොටස)

 

තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා හරිනු ලැබීමේ ඉඩ කඩ වැඩි ය.

එනමුත් ඉස්ලාමය පිළිබඳ හෝ මුහම්මද්තුමන් පිළිබඳ ලොව පිළිබගත් මුස්ලිම් නොවන වියතුන් යමක් ප්‍රශංසා මුඛයෙන් සඳහන් කරන්නේ නම් එය පහසුවෙන් බැහැර කළ නොහැකි ය. මෙම ලිපියෙන් ඉÈරිපත් කරනු ලබන්නේ එසේ ලෝ ප්‍රකට ඉතිහාසඥයින් දේශපාලන නායකයින් දාර්ශනිකයන් හා විද්වතුන් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති අව්‍යාජ හා අපCෂපාතී අදහස් දැක්වීම් කිහිපයකි.

ලොව වේගයෙන් ම පැතිරුණු ධර්මය මුහම්මද් ගෙනා ධර්මයයි – ඇමරිකානු ගත්කතුවර ජේම්ස් මයිකනර්

Islam The Misunderstood Religion යන ග්‍රන්ථයේ කතෘ ඇමරිකානු ජාතික ජේම්ස් මයිකනර් ඉස්ලාමය හා මුහම්මද් ගැන අදහස් දක්වමින් අනාථයන් වැන්දඹුවන් සහ දූගීන්ට තරුණ වියේ සිට ම දයාව දැක්වු මුහම්මද් වයස විස්ස වන විට ම සාර්ථක ව්‍යාපාරිකයෙක් වු බව පෙන්වා දෙයි. ආගමික ප්‍රධානීන් ලෙස පෙනී සිටින බොහෝ දෙනෙකුගේ ඉලක්කය වන්නේ මිනිසුන් මුලා කර මුදල් ඉපැයීම වුව ද සැප පහසු Èවියක් තරුණ වියෙහි ම හිමි කරගත් මුහම්මද්ට ඒ සියල්ල අහිමි වන්නේ නොහොත් එතුමන් ඒ සියල්ලෙන් ඈත් වන්නේ සිය ධර්මය දේශනා කිරීම පටන් ගැනීමෙන් පසුව බව මෙමගින් මයිකනර් ඉඟි කරයි.

අකුරු නොදත් කෙනෙකුව සිටි මුහම්මද් දෙවියන්ගෙන් තමන්ට පහළ වුයේ යැයි මිනිසුන් අතරට පත් කළ කුර්ආනය ලොව ප්‍රබලත ම හා වේගයෙන් ම පැතිරුණු හා අදත් පැතිරෙමින් තිබෙන අද්වීතිය ආගමක පුස්තකය බවට පත්ව ඇති විශ්මය ද මයිකනර් සිහිපත් කරයි.

ඉස්ලාමය පැතිරුනේ කඩුවෙන් ම යැයි ඉස්ලාමෙය්  සතුරන් ඉÈරිපත් කරන තර්කය  අන් බොහෝ වියතුන් මෙන් මයිකනර් ද ප්‍රතික්ෂේප කරයි. තමන්ට කැමති ඇදහීමක් අනුව කටයුතු කරන්නට මිනිසුන්ට නිදහස තිබේය, යැයි කුර්ආනය අවධාරණය කරන ආකාරය ද ඔහු උපුටා දක්වයි.

මුහම්මද්තුමන් මිත්‍ය විශ්වාස හෙළා දූටු ආකාරය ද ඇමරිකානු කතුවරයා පෙන්වා දෙයි. මුහම්මද්තුමන්ට ඉපදූනු එක ම පිරිමි දරුවා වූ ඉබ්‍රාහීම් මරණයට පත් වූ විට හටගත් චන්ද්‍රග්‍රහණය එම දරුවාගේ මරණය වෙනුවෙන් වූ දෙවියන්ගේ ශෝක ප්‍රකාශයක් යැයි මිනිසුන් කියන්නට වු විට එයින් අයුතු වාසි ලබන්නට නොසිතූ මුහම්මද් තුමන් එය එසේ නොවන බව ද එවන් සිදූවීමක් හා ලොව මිනිසෙකුට සිදූවන දෙයක් අතර කිසිදූ සම්බන්ධයක් නැත යැයි ද අවධාරණය කළ සැටි මයිකනර් පෙන්වා දෙයි.  

මුහම්මද්තුමන් අභාවයට ගිය පසු එසේ එතුමහන් මරණයට පත් වන්නෙක් නොවේය යැයි ඇතැම් විශ්වාසිකයන් අතර නොසන්සුන්තාවයක් ඇති විය. එවිට මුහම්මද්තුමන්ගේ සමීපත ම සඟයා වන අබූබක්ර් දේශනාවක් පවත්වමින් මුහම්මද් දෙවි කෙනෙකු නොව මරණයේ ඉරණම ඇති සාමාන්‍ය කෙනෙකු බව අවධාරණය කළ සැටි ද මයිකනර් සිහිපත් කරයි. එමෙන් ම මුහම්මද් යනු ඉස්ලාමයේ නිර්මාතෘය යන වැරÈ මතයද හෙළා දකින මයිකනර් ඉස්ලාමය යනු ලොව මැවු පසු ලොවට පහළ වු එක ම සත්‍ය ධර්මය යැයි ද එහි අවසාන පුරුක මුහම්මද් යැයි ද මයිකනර් පෙන්වා දෙයි.

ලොව ශ්‍රෙරෂ්ඨත ම පුද්ගලයා මුහම්මද්ය – ප්‍රංශ ඉතිහාසඥ අල්ෆොන්ස් ඩි ලාමාටින්    

මුහම්මද්තුමන් ගැන අදහස් දක්වමින් ලා මාටින් පැවසුවේ පරම්පරා ගණනාවක් අඥානය නම් අඳූරේ ගැලී සිටි පාපතර ජන සමාජයක් එයින් මුදවා දෙවියන්ට යටහත් කිරීමේ අතිශය දූෂ්කර ඉලක්කයක් තමන්ට නියම කරගෙන වසර 13 ක් වැනි සු¿ කාලයකින් එයින් ජය අත්කරගත් මුහම්මද්ගේ සමත්කම වැන්නක් මනුෂ්‍ය ඉතිහාසයේ තවත් නැති බවයි. තව ද දශකයකට මඳක් වැඩි කාලයකින් කාන්තාරයක මිනිසුන් අතලොස්සකගේ සහය සහිතව මුහම්මද් දේශනා කළ ධර්මය ශතක දෙකකින් මු¿ ලොවෙහි ම පැතිරුණු විශ්මයජනක ආකාරය ද ලාමාටින් සිහිපත් කරයි.

ඉස්ලාමය පිළිබඳ ලාමාටින්ගේ ලෝ ප්‍රකට කියමන් –

ඉලක්කයේ දැවැන්ත බව හා එය අත්ගර ගැනීමට තිබෙන සම්පත්වල අල්ප බව මෙන් ම අවසාන ප්‍රතිඵලවල විශ්මයජනක බව යන කාරනා තුන පුද්ගලයෙකුගේ විශිෂ්ඨත්වය මැණීමේ නිර්ණායක නම් ඒ අතින් මුහම්මද්ට සම කළ හැකි තවත් පුද්ගලයෙකු මිනිස් ඉතිහායේ තවත් සිට්න්නේ ද@

විජයග්‍රහණයෙහි පවා මුහම්මද්ගේ තැන්පත් බව “රජෙකු වීමේ ආශාව ඔහුට නොතිබීම” ඔහුගේ නිරන්තර වැඳූම්” දෙවියන් සමග ඔහු සිදූ කළ අද්භූත සංවාද” ඔහුගේ මරණය සහ එයින් පසුව පවා නොනැවතුණු ඔහුගේ සංකල්පයේ පැතිරීම මේ සියල්ල මුහම්මද් යනු මුසාවාදියෙක් නොවන බවට වන ප්‍රබල සාCෂි වේ

“දාර්ශනිකයා”, “දේශකයා”, “දේව පණිවිඩකරුවා”, “සෙන්පතියා”, “පිළිරූ නැති ධර්මයක නිර්මාතෘ” එක් අධ්‍යාත්මික අධිරාජ්‍ය‍යයක් සහ ලෞකික අධිරාජ්‍ය විස්සක නිර්මාතෘ ඔහු නම් මුහම්මද් වෙයි. මෙලෙසින් මානුෂීය විශ්ෂ්ඨත්වය මැණිය හැකි භූමිකා කිහිපයකින් සාර්ථකව කටයුතු කළ තවත් කෙනෙකු මිනිස් ඉතිහාසයේ සිටියි ද@

ඉස්ලාමයේ පැතිරුණේ කඩුවෙන් නොවේ – මහාත්මා ගාන්ධි

මහාත්මා ගාන්ධි මෙසේ පැවසුවේ ය –

මිලියන සංඛ්‍යාත හදවත්වල අදත් ජීවත් වන එම ශ්‍රේෂ්ඨ පුද්ගලයා (මුහම්මද් – ගැන දැනගැනීමට මට අවශ්‍ය විය. ඉස්ලාමය පැතිරුනේ කඩුවෙන් නොවේ යන කරුණ  ඔහුගේ ජීවිත කථාව කියවන විට මට පැහැÈලි විය. මුහම්මද්ගේ චාම් බව” පරාර්ථකාමී බව” පොරොන්දූ ඉටු කිරීමෙහි ඔහුගේ කැපවීම” මිතුරන් සහ සඟයන්ට ඔහු දැක් වූ සෙනෙහස” ඔහුගේ යුක්තිගරුක බව සාධාරණ බව” සිය මෙයෙ හා දෙවියන් කෙරෙහි ඔහු දැක්වු අචල විශ්වාය ආÈයයි  ඉස්ලාමය සාර්ථක වන්නට හේතු වුයේ. මුහ්ම්මද්ගේ ජීවිත කථාව මා කියවා අවසන් කළ පසු තවත් ඔහු ගැන කියවන්නට යමක් නොතිබීම මා දැඩි කණස්සල්ලට පත් කළේ ය.

ඇමරිකානු ගත්කතුවර මයිකල් හාර්ට් මුහම්මද්ට අංක 1 ස්ථානය ලබා දෙයි

මයිකල් හාර්ට් තමා ලියු ග්‍රන්ථයක (The 100: Ranking the Most Influential Persons in History) ලොව බිහි වු අනුභාව සම්පන්න එනම් අන් අය කෙරෙහි බලපෑමක් ඇති කළ විශිෂ්ඨ පුද්ගලයන් සියය අතරින් මුහම්මද්තුමන්ට අංක 1 ස්ථානය හිමි කර දූන්නේ ය.

කිතුනුවෙකු වූ ඔහුගේ මෙම තේරීම බොහෝ අය විමැතියට පත් කරනවාට සැක නැත යැයි පිළිගත් හාර්ට් කෙසේ වෙතත් අධ්‍යාත්මික හා ලෞකික යන ඉසව් දෙකින් ම අද්වීතිය ජයක් ලොව අත් කරගත් එක ම පුද්ගලයා මුහම්මද් ය යන සිය ස්ථාවරය වෙනස් කළේ නැත. මුහම්මද්තුමන් මෙලොවින් තුරන් වී සියවස් 14 ක් ගත වු පසුව ද ඔහුගේ අබිභවනය ලොව පුරා දැකීමට හැකිවීම මේ සඳහා වන ප්‍රබල සාCෂියක් බව ද හාර්ට් පෙන්වා දෙයි. 

ගැමි අරාබීන් නිර්භීත යුධකාමීන් ලෙස ප්‍රකට වුව ද සංඛ්‍යාවෙන් ඔවුන් අල්ප ය. එනමුත් ඔවුන් අතර සමගියක් නොතිබුනු අතර ලොව උතුර ඇතුළු අන් පෙදෙස්වල දැකිය හැකි දැවැන්ත අධිරාජ්‍යයන් ගොවි ජනාවාස හා හමුදා කිසිසේත් අරාබින් හා සැස¢ය නොහැකිව තිබු‍ණි. එනමුත් මුහම්මද් ඔවුන්ව එක්සත් කිරීමෙන් පසු හා එක ම දෙවියෙකුගේ අචල විශ්වාස මත පෙළගැස්වු පසු මෙම කුඩා පිරිස ඉÈරියේ  ලොව අධිරාජ්‍යයන් සලිත වි පරාජය විය යැයි මයිකල් හාර්ට් පෙන්වා දෙන අතර මෙවන් දැවැන්ත විපර්යාසයක් මුහම්මද්ට පෙර හෝ පසුව සිදූ වු බවට ඉතිහාසයේ සාධක නොමැති බව ද අවධාරණය කරයි.

ලොව සියලූ ගැට¿වල පිළියම මුහම්මද් පෙන්වා දූන්නේ ය – ජොර්ජ්  බර්නාඩ් ෂා 

ඉÈරි වසර සියය ඇතුළත මහ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපය පාලනය කරන ආගමක් තිබෙනු ඇත් නම් එය ඉස්ලාමයයි යැයි සාහිත්‍යය වෙනුවෙන් 1925 වසර නොබේල් ත්‍යාගයෙන් පිදූම් ලත් බර්නාඩ් ෂා පැවසුවේ ය.

සෑම කලකට ම ඔබින ධර්මයක් දෙසු අපූරු පුද්ගලයෙකු වන මුහම්මද්ව මා අධ්‍යයනය කළෙමි. කිතුනු විරෝධියෙකු යැයි මාව නොසිතිය යුතු යැයි ඉල්ලා සිටිමින් මා කියනුයේ මනුෂ්‍ය සංහතියේ ගැලවුම්කරුවා යැයි හැ¢න්විය යුත්තේ ඔහුව ය,  යනුවෙන් කිතුනු ලොවේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් බර්නාඩ් ෂා ප්‍රකාශයක් නිකුත් කළේ ය. එයින් නොනැවතුනු බර්නාඩ් ෂා වඩිදූරටත් කීවේ මුහම්ම්ද වැනි පුද්ගලයෙකු නවීන ලෝකයේ පාලකයෙකු වුවහොත් ලොව සියලූ ගැටලූ විස£ ලොවෙහි සාමය හා සතුට උදා වනු ඇත යනුවෙනි.

මම මුස්ලිම් වුයෙමි – ප්‍රංශ අධිරාජයා නැපෝලියන් බොනපාට්

රෝම අධිරාජය අහෝසි කර මු¿ මහත් යුරෝපාකරයේ ම එක ම පාලකයා වු නැපෝලියන් බොනපාට් තමා මුස්ලිම්වු බව ද කුර්ආනය අනුගමනය කිරීමට තමා කැමති බව ද ප්‍රකාශ කළේ ය. මිසරයේ අල් අස්හර් විශ්වවිද්‍යාලයට පැමිණි බොනපාට් ඉස්ලාමය ගැන වැඩිදූරටත් දැන ‘අප සියල්ලන් ම මුස්ලිම්’ වන්නෙමු යැයි ද ප්‍රසිද්ධියේ පැවසුවේ ය. පසුව ඉස්ලාමීය නීති සංග්‍රහය අධ්‍යයනය කළ ඔහු එය අනුව නැපෝලියානු නීති මාලාව සම්පාදනය කළේ ය. එය අද වනතුරු ප්‍රංශ දණ්ඩ නීති සංග්‍රහයේ පදනම වෙයි. පසුව 1850 වසරෙහි ඉන්Èයානු දණ්ඩ නීති සංග්‍රහය සම්පාදනය කරන ලද්දේ එය අනුකරණය කරමිනි.

මුහම්මද් නම් වන මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත ම නායකයාට තමා ආචාර කරන  බව පැවසු බොනපාට් ඉතා කෙටි කලකින් මුහම්මද්ට අධිරාජ්‍යයන් යටත් කර ගන්නට හැකි වූයේ ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නිසා මෙන් ම ඔහුගේ හමුදාව සතුව තිබුනු විනය” කැපවීම සහ Èරිය නිසා බව පැවසුවේ ය. තව ද මෝසෙස් සහ යේසුස් යන දෙදෙනාට වසර 1500 කින් කළ නොහැකි වු සමත්කම් මුහම්මද් වසර 15 කට අඩු කාලයකින් කළ හැටිය ගැනද බොනපාට් සිය විමැතිය පළ කළේ ය.

ලොව සියලූ ම රටවල උගතුන් හා වියතුන් එක්සත් කර කුර්ආනයේ නිර්දේශ මත පදනම් වූ ඒකීය රාජ්‍යයක් ලොව බිහි කිරීමේ දවස වැඩි ඈතක නොවන බව මගේ විශ්වාසයයි. සත්‍ය ම දෙසුම වන්නේ කුර්ආනයේ දෙසුම් වන අතර මිනිස් සංහතිය සතුට කරා ගෙන යා හැක්කේ ද එයට පමණි යැයි ද නැපෝලියන් බොනපාට් පැවසී ය. බොනපාට් අභාවයට යන්නට Èන තුනකට පෙර සිට ඔහු අවට සිටියවුන් සමග ඉස්ලාමය ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කළ බව ද සටහන් ය. 

මුහම්මද් යනු අති සුවිශේෂි විප්ලවකරුවාය – ප්‍රංශ සාහිත්‍යකරු ෆ්‍රැන්සුවා වොල්ටයරි

එඩ්වර්ඩ් ගිබන්ගේ සමකාලීනකයෙකු වු වොලටියර් ඔහුගේ සමයේ ප්‍රංශයේ පැවති ඒකාධිපති වියරුවට හා දූරාචාරයට එරෙහිව සටන් කළ විරුවෙකි. වරද පල්ලියේ දුටු විට පවා ඔහු නිර්භීතව එය විවේචන කළ අතර ඉස්ලාමය ගැන ප්‍රශංසා මුඛයෙන් අදහස් දැකුවුයේ ය. මෙනිසා වරෙන්තු නිකුත් කිරීම ඇතුළුව ඔහුට කිතුවනු පාලකයන්ගෙන් සහ පල්ලියෙන් විවිධ හිරිහැර ඇති විය.

ඉස්ලාමයට වෛර කළ එච්. ජී. වෙල්ස්

විද්‍යාත්මක අනාවැකි කීම නිසා මෙන් ම ඉස්ලාම් විරෝධී ප්‍රකාශ කීම නිසා ද ලොව ප්‍රකට වූවෙකි. විසිවන සියවසහෙි විසු එච්. ජී. වේල්ස්. කෙසේ වෙතත් ඔහු පසු කාලීනව ඉස්ලාමය හා මුහම්මද්තුමන් ගැන ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට වූ විට සිය ස්ථාවරය ක්‍රමයෙන් වෙනස් කර ගත්තේ ය.

ඉස්ලාමය පිලිබඳ එච්. ජී. වේල්ස්ගේ ධණාත්මක අදහස් දැක්වීම්.

ඇත්තෙන් ම නව කෝණයකින් බලන කල ධණාත්මක දැනුම ක්‍රමානුකූලව වර්ධනය කිරීමේ අභියෝගය සාර්ථකව ජය ගත්තේ මුස්ලිම්වරුන් ය. එයට සාපේCෂව පුරාණ ග්‍රීකවරුන් මෙම අභියෝගය පිළිගත් නමුත් පසුව අත් හැර දැමුහ .   

යතාර්ථය පරිහරණය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයේ වැදූ පියවරු ග්‍රීකයන් නම් එය ඇති දැඩි කළ පියවරු මුස්ලිම්වරුන් ය. පරම අව්‍යාජ ලෙසින් ද සරළව ප්‍රකාශ කිරීමෙන් සහ පැහැÈලි කිරීමෙන් ද මුසAලිම්වරුන් එය සිදූ කළහ. තව ද මුහම්මද්ගේ ප්‍රකාශ ඉතා ප්‍රවේශමෙන් සංරCෂණය කරන්නට ද ඔවුන් අමතක නොකළහ.    

ආලෝකයේ හා බලශක්තියේ දායාදය නවීන ලොවට හිමි වුයේ අරාබින්ට ස්තුති වන්නට මිස ලතින්වරුන්ගෙන් නොවේ.

ඉස්ලාමීය ඉගැනුම් සමානතාවය” විනීත ගුණ සහ හැසිරීම සඳහා වන උසස් සම්ප්‍රදායක් ලොවට හිමි කර § ශ්‍රේෂ්ඨ බවේ සහ ඉවසීAමේ ගතිගුණ මිනිසුන්ගේ හදවත් තුළ ජනිත කළේ ය.

අති උසස් එමෙන් ම ප්‍රායෝගික මානව ඉගැන්වීම්වලින් ඉස්ලාමය සපිරිය.  

මුහම්මද් වක්තෘ විරුවෙකි – ඉංග්‍රිසි ඉතිහාසඥ තෝමස් කාලයිල් 

අදට සියවස් දෙකකට පමණ පෙර එංගලන්තයේ විසු තෝමස් කාලයිල් සුප්‍රකට ඉතිහාසඥයෙකු හා දේශපාලන දාර්ශනිකයෙකු විය. ඉස්ලාම් විෂයයෙහි අවඥා සහගන ආකල්පයක් දැක්වීම මගින් යුරෝපය කළේ විශාල වරදක් බව On Heroes, Hero Worship and the Hiroic History නමින් ඔහු ලියු ග්‍රන්තයෙහි සඳහන් කර ඇත.

ඉස්ලාමය හා මුහම්මද් පිළිබඳ තෝමස් කාලයිල්ගේ සුප්‍රකට කියුම්..

‘එකල අරාබීන් නොහික්මුණු ජන කොටසක් වුහ. සුු¿ දෙයකට පවා සැනින් කලහ කිරීම ඔවුන්ගේ සිරිත විය. කිසිදූ කෙනෙකුට ඔවුන් පාලනය කරන්නට හැකිවුයේ නැත. එනමුත් ඔවුන් මුහම්මද්ට අවනත වුහ. ඒ කෙසේ ද@ මුහම්මද් ඔවුන්ට කෙලින් ම මුහුණ දූන්නේ ය. තමන්ව කිසිදූ අභිරහසකින් වසන් කර නොගත්තේ ය. තම වස්ත්‍ර ඉරුනු විට හා පාවහන් ප¿දූ වූ විට ඒවා ඔහු ම මසා ගත්තේ ය. සගයන් අතර සිටිමින් දුක බෙදා ගත්තේ ය. සටනට නායකත්වය දූන්නේ ය. අවශ්‍ය විට උපදෙස් මෙන් ම අණ ද ලබා දූන්නේ ය” ඔහු මුසාවාÈයෙක් ද@ ඔබ ඔහුව කැමති නමකින් ආමන්ත්‍රණය කරන්න.’

ඔටුනු පැළඳූ කිසිදු අධිරාජයෙකුට තමන්ගේ ඉරුනු ලෝගුව තමන් ම මසා ගන්නා මේ මිනිසාට (එනම් මුහම්මද්ට- ජනයා අවනත වු තරමට අවතන වූයේ නැත.

යුරෝපය දැන්  මුහම්මද්ගේ දැනුමේ මහිමය වටහා ගන්නට ආරම්භ කර ඇති අතර ඔහුගේ ධර්මයටද එහි පැහි§මක් වර්ධනය වෙමින් පවතියි.

සාමය හා සතුට ගොඩනැගෙනු ඇත්තේ මුහම්මද් ගෙනා ධර්මය අනුව කටයුතු කිරීමෙන් පමණි.

පවතින ව්‍යාකූලතා ගැට¿ සහ සංකීර්ණතාවලට යුරෝපය විසඳුම් ලබා ගනු ඇත්තේ මුහම්මද්ගේ දර්ශනයෙනි.

යුරෝපා ඉස්ලාමය නම් වන සංකලපයේ පළමු රැල්ල දැන් ආරාම්භ වී ඇති බව කීමෙන් මගේ අනාවැකිය මා තහවුරු කරමි. එය වැළැක්විය නොහැක්කකි.

ඔව්, සිය ගැට¿ විසඳා ගැනීමට මුහම්මද් වැනි පුද්ගලයෙකුගේ පැමිණීම වර්තමාන ලොවට අද අත්‍යවශ්‍ය වී ඇත.

මුහම්මද් ඔහුගේ නිවහන ආහාර පාන සහ වස්ත්‍ර ඇතුළු සිය Èවියේ සියලු විෂයයෙහි ඉතා චාම් හා සීමිත විය.

ඔහුගේ වස්ත්‍ර මෙන් ම ආහාර ද ර¿ විය. ඔහු Èවා කාලයේ කාර්යශීලී වූ අතර රාත්‍රියෙහි වැඩි කොටසක නොනිදාව අවÈව සිටිමින් ප්‍රාර්ථනයේ ගැලී සිටියේ ය. මෙලෙසින් අල්ලාහ්ගේ ආගම (එනම් ඉස්ලාමය- නගා සිටුවීමට ඔහු Èවා රෑ නොබලා කැපවුයේ ය

මොහු වටා අප ගොඩ ගසා ඇති මුසාවාද අපට ම නින්දාවකි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *