විවෘත මනස

ආගමික චින්තනය

නැණවත් මිනිසා තමන් කවුද, තමා පැමිණයේ කොහි සිටද, යන්නේ කොහිද, මෙම පෘතුවි ගෝලයේ තමන් ඉපදෙන්නට හේතුව කුමක්ද  හා මෙහි තමා ජීවත් විය යුත්තේ කෙසේද වැනි ප්‍රශ්නවලට නිරන්තරයෙන්ම පිළිතුරු සොයමින් සිටියි. මිනිසා  සිදුකරන මෙම ඝවේෂණය ඉතිහාසය පුරා දැකිය හැකිය.සැබවින්ම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අත්‍යවශ්‍ය හා අත් නෙහැරිය දෙයකි.මෙම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සෙයා ගත් නැත්නම් පිළිතුරු ලැබුනු පුද්ගලයන් ඉතා සතුටින් සැනසීමෙන් හා සිනහ මුහුණින් මෙලොවින් නික්ම යනු දැකිය හැකිය.එසේම මෙම පැනවලට පිළිතුරු ලබා නොගත් අය හා ඒවා දැන දැන ප්‍රතික්‍ෂේප කළවුන් තැතිගත් මුහුණින් හා කිසිවක් උපයා නොගත් අසරණ බවින් යුතුව අවසන් ගමන යන ආකාරයද අප දකින්නෙමු.

විද්‍යවේ හෝ පරිඝණක වැනි උපකරණවල හෝ තමන්ගේ දැනුම, ඉගැනීම හෝ හැකියාව ආදියේ පිහිටෙන් පමණක් ඉහත ප්‍රශ්නවලට උත්තර සෙවිය නොහැක.මේ සඳහා අධ්‍යාත්මික මගපෙන්වීමද අවශ්‍ය වෙයි.අධ්‍යාත්මික මගපෙන්වීමක් නොමැතිව මෙම ඝවේෂණයේ යෙදෙන්නෙකු ඔහු මග වරදවා ගන්නවා සහ පටහැනි මතවාදවල පැටලෙනවා මිස හා සෘජු මග හෙවත් සෑහීමට පත් විය හැකි නිවැරදි උත්තර ලබා ගන්නේ නැත.මන්ද යත් එවැන්නෙකුට ලැබුනු පිළිතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ සීමිත දැනුමේ පිහිට හැර අන් කිසිදු ප්‍රභවයක උපකාරයක් ඔහුට නොමැති හෙයිනි.මෙයට මානව ඉතිහාසය සාක්‍ෂි දරයි.තවද ඔහුට ලැබෙන විග්‍රහ හා මතවාද ලෞකික අත්දැකීම් මත පමණක් පදනම් වුවහොත් එය පිරිපුන් හෝ අංගසම්පුර්ණ ඝවේෂණයක් වන්නේ නැත.එමෙන්ම දැනුම නොයොදා අධ්‍යාත්මිකය පමණක් යොදා සිදු කරනු ලබන ඝවේෂණද එතරම් ඵලදායී නොවේ. ඇතැම් විට එනිසා ප්‍රගතිශීලී නොවන මතවාද පවා බිහි වෙන්නට හැකිය.එවන් ඝවේෂණ මිනිසාව අනුවණ ස්ථාවර කරා යොමු කළ හැකිය. ඥාණයෙන් තොර අධ්‍යාත්මිකය ඇතැම් විට වැරදි ක්‍රියා කරන්නට මිනිසා පොළඹවන අතර ඇතැම් අවස්ථාවල සියදිවි නසාගැනීම්වලට පවා මෙය ඉවහල් වෙයි. වංක පුජකයන් සහ පුසාරිවරුන් නුගත් මිනිසුන් මෙවන් දුකිඛිත තත්වයන්ට යොමු කරති.

මෙනිසා පෙරකී පැනවලට පිළිතුරු සොයන විට අධ්‍යාත්මිකය සමග තාර්කික ඥාණයද යොදා ගත යුතුය. ප්‍රයෝජනවත් වනු ඇත්තේ එවන් වෑයමක් පමණි. විශේෂයෙන් විද්‍යාත්මක දැනුම හා තාර්කික නුවණ වර්ධනය වී ඇති මෙම කාල පරිච්ඡේදයෙහි එය වඩාත් ඵල සහිත වනු ඇත.

ආගම්වල පදනම වන්නේද ඥාණය මුල් කර ගත් අධ්‍යාත්මික ඝවේෂණයයි. ලොවට පහළ වුනු සියළුම ආගම්වල ප්‍රවේශයත් මෙයමය. මිනිසාග් මුලික ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආගම් ජීවිතයේ ගැබ්ගත් අරුත හා අරමුණ පහදා දෙයි. එසේම ආගම්වල පදනම අනුව තම ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පැහිදිලි කිරීම් ලබා ගත් අය එය අන් අයටද පැහැදිලි කරන්නට උත්සාහ කළ සැටි අප ඉතිහාසය පුරා දකින්නෙමු. ඇතැමුන් එය වටහා ගෙන පිළිගත් අතර තවත් ඇතැමුන් එය වැටහුනද ප්‍රතික්‍ෂේප කර දැමුහ. තවත් පිරිසක් සත්‍යය වටහා ගන්නට නොහැකිව සහ එයට කාලය වෙන් නොකර එය ප්‍රතික්‍ෂේප කළහ.

මිනිසාගේ මුලික ප්‍රශ්නවලට මිනිසාගේ දැනුමෙන් පමණක් හෝ අධ්‍යාත්මික නියැලීමෙන් පමණක් පිළිතුරු ලබා ගන්නට නොහැකි තත්වයක් පවතින හෙයින් මිනිසාව මැවු දෙවියන් එම වගකීම භාර ගෙන මිනිසුන් අතරින් දුතයන් තෝරා පත් කළේය. මෙසේ මිනිස් ඉතිහාසය පුරා දෙවියන්ගේ දුතයන් හෙවත් පණිවිඩකරුන් ජීවිතයේ අරුත හා අරමුණ මෙන් ලොව ජීවත් විය යුතු ආකාරයද පැහැදිලි කළ ආකාරය අප අසා ඇත්තෙමු. මෙම පණිවිඩ හෙවත් මග පෙන්වීම්වලට අප ‘ආගම්’ හෝ ‘ආගමික පුස්තක’ යැයි පවසමු. පරණ තැස්තමෙන්තුව, අළුත් තැස්තමේන්තුව ඇතුලු බයිබලයද කුර්ආනයද ගීතෝපදේශයද මෙලෙසින් ආගමික පුස්තකයන් යැයි හඳුන්වනු ලැබේ. ආගමික පුස්තක මගින් මිනිස් වර්ගයාට ජීවිතයේ අරමුණ හා අරුත පැහැදිලි කරනු ලැබ මිනිසා මෙලොව ජීවත් විය යුතු ක්‍රමය සඳහා උපදෙස් ලබා දෙන ලදී.

දෙවියන් විසින් එක් කාල පරිචේඡේදයකට හෝ යම් ජනකොටසකට එවනු ලැබු ආගමික උපදෙස් තව දුරටත් වලංගු නොවන කල දෙවියන් විසින් නව තත්වයන්ට ගැලපෙන ආගමික් පුස්තක හෝ පනත් පහළ කරන ලදී. ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් විසින් මෙවැනි ආගමික පුස්තක හතරක් සහ එක් ලක්‍ෂණ විසි හතර දහසක් දේව පණිවිඩකරුවන් ලොවට එවන ලදී. මෙම පෙළෙහි අවසාන වශයෙන් එවනු ලැබු දුතයා නබි මුහම්මද් වෙයි. එතුමන්ට පෙර පැමිණි දේව පණිවිඩකරුවන් යම් සමුහයකට හෝ යම් පෙදෙසකට පමණක් එවන ලද නමුත් නබි මුහම්මද් තුමන්ව එවන ලද්දේ ලොව පවතිනතාක් කල් ලොවට පැමිණෙන සියලුම මිනිසුන් වෙනුවෙනි. නිදසුනකට නබි නුහ් එවන ලද්දේ ඔහුගේ සමුහයාට පමණි. නබි නුහ් මගින් ලබා දුන් උපදෙස් වලංගු වුයේද එම සමුහයාට පමණි. එම සමුහයා විනාශ වු පසු හෝ එම නිර්දේශ තවදුරටත් වලංගු නොවු පසු වෙනත් දුතයෙක් වෙනත් නිර්දේශ මාලාවක් සහිතව එවන ලදී. නුහ් පබිතුමන්ගේ පසු පැමිණි හුද් නබි එවන ලද්දේ පසුව පැමිණි ආද් නම් වන ඔහුගේ සමුහයා වෙනුවෙන් පමණි. ආද් සමුහයා පෙර සිටි නුහ් නබිතුමන්ව සත්‍ය දුතයෙක් යැයි විශ්වාස කළ යුතුව තිබුනු නමුත් ඔවුන් අනුගමනය කළව තිබුනේ නබි හුද්තුමන් ගෙන ආ නිර්දේශයන්ය. එසේම මුහම්මද්තුමන්ගෙන් හා කුර්ආනයෙන් පසු පැමිණි ජනයා ඉබ්‍රාහීම් ඊසා මුසා වැනි මුහම්මද්තුමන්ට පෙර පැමිණි දෙවියන්ගේ සත්‍ය දුතයන් මෙන්ම දෙවියන් විසින් පෙර පහළ කරන ලද පුස්තක ත්‍රිත්වය සත්‍ය යැයි විශ්වාස කළ යුතු නමුත් අනුගමනය කළ යුත්තේ මුහම්මද්තුමන් හා කුර්ආනයේ උපදෙස් පමණි.

මේ අනුව මිනිස් වර්ගයාට මග පෙන්වීමට ආගම් සහ ඒ සමග සිය පණිවිඩකරවන් ලොවට යැවීම මගින් සිය වගකීම මනාව ඉටු කරමින් සිටි දෙවියන් වහන්සේ අවසාන පණිවිඩකරු ලෙස මුහම්මද් තුමන්ව සහ අවසාන ආගමික පුස්තකය ලෙස කුර්ආනයද ලොවට පහළ කළේය. ඒ අනුව කුර්ආනය සහ මුහම්මද් තුමන්ගේ දුත මෙහෙයත් සමග ආගම් සහ දුතයන් එවීමේ මෙහෙයට දෙවියන් විසින් මුද්‍රා තබන ලදී. මන්ද කුර්ආනය යනු මිනිස් සංහතිය සඳහා වන අංග සම්පුර්ණ, සංශෝධන අවශ්‍ය නොවන, අවසාන මහා මාර්ගෝපදේශ මාලාව වන හෙයිනි. මෙම අවසාන මහා මගපෙන්වීම ලොව පවතින තෙක් බිහි වන මිනිසුන් සියල්ලන්ම සඳහා දේශ සීමා වෙනසක් නොමැතිව වලංගු වන මහගු දෙසුම් මාලාවකි. මුහම්මද් තුමන් පැමිණි කාල පරිච්ඡේදයේ පටන් වත්මන් නවීන යුගය දක්වාද මින් මතු අවසාන දිනය දක්වාද අවශ්‍ය වන උපදෙස් හා විග්‍රහ ඒ ඒ කලට ඔබින පරිදි කුර්ආන් වැකිවලින් ලබා ගත හැකිය. කලට ඔබින අකාරයට කුර්ආනයෙන් විග්‍රහ ලබා ගැනීම පිළිබඳ මගපෙන්වීම් මුහම්මද් තුමන් විසින් ලබා දෙන ලද අතර එය අද මුස්ලිමි විද්වත් ලොවේ සුව්ශේෂි කලාවක් ලෙසින් ප්‍රගුණ කරනු ලැබේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *