මහාචාර්ය එමි. ඒ. එම්. ශුක්රීගේ ලිපියක් ඇසුරිනි. 1827 සිට මේ රටින් අරාබි (කුෆික්) සෙල්ලිපි විසිහයකට කිට්ටු ගණනක් සොයා ගෙන ඇත. ඒවා ක්රි.ව. 10 වන ශත වර්ෂයේ සිට 16 වන ශතවර්ෂයේ දකුණු ආසියා කලාපයේ යුරෝපීයයන්ගේ කටයුතු ආරම්භ වන තෙක් කාලයට අයත් ඒවා වේ. මේ සෙල්ලිපි සොයා ගැනීම අඩ වශයෙන් තනි පුද්ගලයන්ගේත්