සුහෙයිබ් මුක්තාර්, සයිනතුල් ආෂිකීන් සහ සුෆියාන් ජුසෝ විසිනි
අසරණ හින්දු පවුලක දියණියකගේ විවාහය මුස්ලිම් මස්ජිදයේ වියදමින් මස්ජිදය තුළම පැවැත්වීමේ සිද්ධියක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා විය. මේ ඒ හා සම්බන්ධ කෙටි වීඩියෝවක්.
ලංකා ඉතිහාසය පුරාම මුස්ලිම්වරු මෙරට ආරක්ෂාවටත් උන්නතියටත් දායක වී ඇත. විශේෂයෙන් රට ආරක්ෂා කිරීමෙහිලා අනුපමේය මෙහෙවරක් මුස්ලිම්වරු සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන්. එම එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ කෙටි වාර්තාවක්.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පැවති ප්‍රධානතම යුද්ධයක් ලෙස රන්දෙණිවෙල යුද්ධය පැවතුන අතර එහිදී ශ්‍රී ලාංකීය රජතුමා වෙනුවෙන් පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ අරාබි මුස්ලිම් ඔටු සේනාංකය පිළිබඳව හැඳින්වීමක්.
කුරුණෑගල රාජ්‍යයේ සිංහල බෞද්ධ හා මුස්ලිම් ජනතාව අතර සහෝදරත්ව පාලමක් තැනූ ශ්‍රී ලංකා රජවරුන්ගේ ඉතිහාසයේ බලයට පත් මුස්ලිම් රජතුමා පිළිබඳව විස්තරයක්..
විශ්වවිද්යාල අධ්‍යාපනය ලබා ගැනීමේ කැමැත්ත සිසුන් අතර අද වැඩිවෙමින් තිබෙනු දැකිය හැකිය. මේ හා සමානව උසස් අධ්‍යාපන ආයතනවලින් දැනුම හැදෑරීමේ පිපාසය අතීත මුස්ලිම්වරුන් අතරද විය. දැනුම සොයා ගන්නා මෙන් කුර්ආනයේ බොහෝ තැන්වල සිදු කර ඇති අවධාරණය මෙන්ම නබිවදන්වල දැනුම ඝවේෂණය කිරීම විෂයයෙහි දක්වා ඇති වැදගත්කම මෙයට ප්‍රධාන හේතුවක් යැයි කිව හැකිය. එමෙන්ම විද්‍යා ඥාණය තවතවත් […]